සටහන
අරුණ පත්තිනිගේ  

සිනමා මන්ඩල මෙන්ම සිනමා ශාලාද ඉදිරියේ දි විශාල අර්බූද රැුසකට මුහුන දීමට නියමිතව ඇත. දැනටමත් අභියෝග රැුසකට මුහුන දි හමාරය. ඇතැම් සිනමා ශාලා වැසී යන තැනට සිඝ‍්‍රයෙන් ආදායම් මට්ටම් පහල බැස ඇති අතර සමහර සිනමා ශාලා හිමියන් දත කා ගෙන බර ඇදගෙන විඩාපත් ගමනක නිරතවී සිටී. මේ අයුරින් තවත් අඩියක් හෝ ඉදිරියට යාම සිනමාවට සුබදායක නොවෙනු ඇත. නළු නිළියන් මෙන්ම කාර්මික ශිල්පීන්ගේ රැුකියාද පෙරට වඩා මේ යුගයේ අවදානම් සහගත තත්ත්වයක පවතී.  ඇතැම් මාධ්‍ය ආයතන ජොලියට ස්වීප් සුරන්නා මෙන් චිත‍්‍රපට කර්මාන්තයට අතපොවන්නේ කර්මාන්තයේ සුබ සිද්ධියට කොසේවෙතත් අන්තිම පේ‍්‍රක්ෂකයාගේ පොකෙට්ටුවත් හිස් කිරීමේ කූට අරමුණින් බව කාටත් නොරහසකි. සැබෑ අරමුණින් යුතු පුද්ගලයින් හොඳ සැලැස්මකට ක‍්‍රියාත්මක වීමෙන් සිනමා කර්මාන්තය ගොඩගැනීම එතරම් අපහසු කාරනයක් නම් නොවේ. අවශ්‍ය වන්නේ ඇත්තටම සිනමාව   ගොඩගැනීමේ සෑබෑ අවශ්‍යතාවයයි.

සප්ත විධ කලා මාධ්‍යන් එකතුවී නිර්මාණයවු ලාබාලම කලාමාධ්‍ය අද ලොව දැවැන්තම කලා මාධ්‍යවී හමාරය. අන් කිසිම කලා මාධ්‍යකට නොමැති අපුරු ආකර්ශනීය ගුණයකින් යුතු සිනමාව තුල ඉදහිට ලාංකේය හැඩයක් ඉස්මතුවුද තවම හරි ආකාරයේ ලංකාවට ගැලපෙන සිනමා මාවතකට පියවරක් හෝ තබා නැත.  විවිධ මාවත් ඔස්සේ ගොස් හැරෙන සමහරු අතර සදාකාලිකවය අතරමංවු අයද නැතුවා නොවේ.  හාස්‍යට කරුණක් නම් නූතනයේ අතිශයින්ම ඉදිරියට ගිය සිනමාව තුල තවමත් වට්ටෝරු සිනමාවේ අවශේෂ ලක්ෂණ කරපින්නා ගත් සිනමා කෘති අදත් සුලභව දකින්නට ලැබීමයි.  සිනමා කරුවන් පේ‍්‍රක්ෂකයන්ට විහිලු සැපයිම නැවැත්විය යුතුය නොඒසේනම්  පේ‍්‍රක්ෂකයින්ගේ විහිලුවට සිනමා කරුවන්  ලක්වීම වැළැක්විය නොහැකිය. තවදුරටත් මෙය සිදුවේනම් ලාංකේය සිනමාව අමුම අමු විහිළුවක් වී   විහිළු කප්පාදුකොට බෙදාහරින ජාතික ආයතන ලෙස චිත‍්‍රපට සංස්ථාවත් රැුගුම් පාලක මණ්ඩලයත් පත්විය හැකිය.

අන් කිසිම කලා මාධ්‍යකට නොමැති අපුරු ආකර්ශනීය ගුණයකින් යුතු සිනමාව තුල ඉදහිට ලාංකේය හැඩයක් ඉස්මතුවුද තවම හරි ආකාරයේ ලංකාවට ගැලපෙන සිනමා මාවතකට පියවරක් හෝ තබා නැත.

සිනමා කර්මාන්තය නැවුම් දිශාවකට හැරවීමටනම් ටී බෝයිගේ සිට නැවත අලුතින් හිතිය යුතුය.. මේ වැනසී යන්නේ සියල්ලන්ගේම වෘත්තීය අවස්ථාවන්ය, වෘත්තීය අයිතීන්ය.  පුලුවන් පුලුවන් අය සිනමා කෘති කිරිමත් ඒ අතරිනුත් පුලුවන් පුලුවන් අය ප‍්‍රදර්ශනය කරවාගන්නා ක‍්‍රමවේදයත් වෙනුවට සිනමාව යම් විද්වත් කතිකාවක් තුලින් අවම ප‍්‍රමිතියක් සකසා ගත යුතුයි. ඒ සඳහා සඳලූතල වලින් පහළට පැමිණ අද සිනමාව පණ අදින සැබෑ පොළව මත පය ගැසිය යුතුමය.

අපෙන් පසු සිනමාවේ තරු නැත නළුවන් නිළියන් නැතැයි ප‍්‍රසිද්ධ මාධ්‍යයේ පම්පෝරි ගසන ඇතැම් ප‍්‍රවිනයන්ගේ කතා අදට අහෝසි වී ගොස් ඇත. මන්ද යත් සිය උත්සහයෙන් අනේක විධ කැපකිරිමෙන් පැමිනි ශිල්පීන් බොහෝ ප‍්‍රමාණයක් කරළියෙන් හමුවෙන නිසාය.  අඩසියවසක ට අදික කාලයක් මුළුල්ලේ අනාගත නළු නිළි පරම්පරාවක් නිර්මාණය කිරීමට ප‍්‍රවීනයින් අපෝහොසත් වී ඇති වබ එම කියමන්වල යටිපෙළින් ගම්‍යවේ.

අපි දැන් කළයුත්තේ සිනමාව සිල්ලර කඩ රාමුවෙන් ගලවා ස්මාට් කිරිමයි. ප‍්‍රදර්ශනයට තියෙන්නේ සිල්ලර හැඩය ගත් සිනමාවක් නම් සිනමා ශාලාව පමණක් ස්මාර් වී ඇති පලය කිම. මේ දෙකම අන්‍යනෝන්‍ය ලෙස අවබෝධයෙන් ස්මාට් විය යුතුය.

ගුහා ගතවී චිත‍්‍රපට නිෂ්පාදනය කොට මහජන ප‍්‍රදර්ශනයේදි පේ‍්‍රක්ෂකයින්ගේ නොමද හාස්‍යට ලක්වෙන සාම්ප‍්‍රදායක ක‍්‍රමය වෙනුවට, දැනුම ඇති බොහෝ දෙනෙකු සමඟ නිරවුල්ව වාද විවාධ කොට පුංචි තිතක හෝ අඩුපාඩුවක් නොමැතිව මහජන ප‍්‍රදර්ශනයේ දී පේ‍්‍රක්ෂකයන්ගේ ගෞරවාදරයට පාත‍්‍රවිය හැකි නිර්මාණ කිරීමේ නව සම්ප‍්‍රදායකට සිනමා කරුවා අකමැත්තෙන් වුවද එකඟ විය යුතුය. එසේ වීම සිනමා කරුවාට කෙසේවෙතත් ලාංකේය සිනමාවේ හෙට දවසට යහපතක්ම වේවී. මෙය සරල නිදසුනකින් පැහැදිලි කලෝත් ගමේ සිල්ලර කඩයේ හැඩය නොව නගරයේ සුපිරි වෙළද සැලේ ස්මාට් බව සිනමාවට ගෙන ආ යුතුය. මිනිසුන් වන අප බොහෝ දෙනෙකු හදිස්සියකට හැරුණු කොට සුපිරි වෙළඳ සැලට යාමට නිතැතින්ම කැමැත්තක් දක්වයි. අපි දැන් කළයුත්තේ සිනමාව සිල්ලර කඩ රාමුවෙන් ගලවා ස්මාට් කිරිමයි. ප‍්‍රදර්ශනයට තියෙන්නේ සිල්ලර හැඩය ගත් සිනමාවක් නම් සිනමා ශාලාව පමණක් ස්මාර් වී ඇති පලය කිම. මේ දෙකම අන්‍යනෝන්‍ය ලෙස අවබෝධයෙන් ස්මාට් විය යුතුය.

සිනමා ව ගොඩනැගිමේ දැවැන්ත ව්‍යාපාරයක් ලහි ලහියේ ආරම්භකිරිමට කාලයයි මේ උදාවී ඇත්තේ. කුමන හෝ මාවතක් වෙනුවට නිෂ්චිත නිවැරදි මාවතක් තෝරාගත යුතුමය.