කලාසූරි අරීසෙන් අහුබුදු සූරීන් දැයෙන් සමුගෙන සත් වසරක් සපිරීම නිමිත්තෙන් අද (08 වැනිදා ) සවස 3.00 ට මහවැලි කේන්ද්‍රයේදී ග්‍රන්ථ ත්‍රිත්වයක් එළිදැක්වීමට නියමිතය.නොමියෙන මතක, සෙත් සයුර සහ සිල්සුවඳ – බුදු බැති ගී සරණිය එම ග්‍රන්ථ ත්‍රිත්වයයි.

ග්‍රන්ථ එළිදැක්වීමේ උලෙළේ මුඛ්‍ය දේශනය ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින් පවත්වන අතර විශාරද ජගත් වික්‍රමසිංහ සංගීතය මෙහෙය වනු ඇත. අසේල බන්ඩාරනායක උලෙළ නිවේදනක කටයුතු සිදුකරයි. සිංහල විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සූරීන් උලෙළේ මුලසුන හොබවනු ලබයි.