අරුණ පත්තිනිගේ

ලෝකයේ දේශපාලනික, ආර්ථික, පාරිසරික සහ සංස්කෘතික වශයෙන් යම් යම් ගැටළු පැන නගින අවස්ථාවන් හිදී, කඩා වැටෙන තම වෘත්තීන් රැුකගැනිම උදෙසා ඒ ඒ පුද්ගලයින් ක්ෂණිකව කොන්දේසී විරහිතව සංවිධාන ගතවී අරගල වල නියැලි සිටිනවා අප දැක ඇත. ඔවුන් අධ්‍යන, පරීයේෂණ, විකල්ප, තාක්ෂණික, කෙටිකාලීන සහ දිගු කාලීන වශයෙන් ඉතා නිවැරදි තීන්දු තිරණ ගනිමින් ගමන් කළයුතු මාවතට සිය කර්මාන්තය මෙහෙයවයි …

අද ලංකාවේ සිනමාව කියන්නේ රීලා පුක පිහදාන ටිෂු එකක් වගේ. වැඩක් ගත්තට පස්සේ වැඩක් ඇත්තෙම නෑ..සමහරුන්ට මළගෙවල්වල නිදිමරන්න විහිළු කතාවලට වඩා ජොලියක් ලැබෙනවා කඩා වැටිච්ච සිනමාව ගැන කතා කරන එක.. තවත් සමහරුන්ට මධුවිතක් තොල ගාද්දී රෝස් චිකන් ඩෙවල් එකකට වඩා හොද කට කැස්මක් තමයි කඩා වැටෙන සිනමාව ගැන කතාකරන එක.

අවාසනාවකට අපේ රටේ සිනමා කර්මාන්තය කඩා වැටෙන්නට පටන්ගෙන දශක හතරකට ආසන්න කාලයක් වුනත් තවම එවැනි මෙහෙයුමක්, කතිකාවක්, පිළියමක් මතුවු තැනක් සොයා ගන්නට බැරිය.  ඉදහිට පත්තුවෙන මල්වෙඩිවල ඇසෙන්නේ සද්දය පමණකි. නමුත් ලාංකේය සිනමාවක් ඇත සහ නැත යනුවෙන් තර්කයේ නියැලෙමින් කාලය කා දමන වෘතවෘත්තීකයින් සිටින එකම රට ලංකාව දෝ දැයි මට හැගේ… ප‍්‍රතිභාපූර්ණ සිනමා කරුවන් ඇති,  සිනමා කර්මාන්තයක් නැති රටක, සිනමා උළෙල 5 – 6 වසරකට පවත්වන එකම රට ලංකාව විය හැකිය… චනල් වල රේටිං වැඩි කරගන්න, පත්තර ටිකක් විකුණ ගන්න, කළු සල්ලි සුදුකරගන්න, සබන් කෑල්ලක් විකුණගන්න,  විතරක් නොවේ ජනාධිපතිට ඡුන්ද ටිකක් එකතු කරගන්න වගේ ඉතාම බාල අරමුණුවලට කැත විදිහට සිනමාව පාචිච් කරන එකම රටත් ලංකාව වෙන්න පුලූවන්… සිනමාවේ නළුවෝ නිළියෝ, ජනාධිපතිවරු ,ඇමතිවරු, මන්ත‍්‍රිවරු, අග‍්‍රණ්ඩුකාරවරු, උපදේශකවරු, සංස්ථා සභපතිවරු, බුරුතු පිටිං දේශපාලනේ හිටපු , සහ කරපු එකම රටත් ලංකාව වෙන්න පුලුවන්.. සිනමාවෙන් කාලා බීලා නම හදා ගත්ත අය එක ගඩෝල ගඩෝල හරි අවංකවම තිබ්බනම් මේ අවුරුදු හතලිහට ලෝකේ දියුණුම සිනමාවක් තියෙන එකම රට ලංකාව වෙන්නත් තිබුණා… අද ලංකාවේ සිනමාව කියන්නේ රීලා පුක පිහදාන ටිෂු එකක් වගේ. වැඩක් ගත්තට පස්සේ වැඩක් ඇත්තෙම නෑ..සමහරුන්ට මළගෙවල්වල නිදිමරන්න විහිළු කතාවලට වඩා ජොලියක් ලැබෙනවා කඩා වැටිච්ච සිනමාව ගැන කතා කරන එක.. තවත් සමහරුන්ට මධුවිතක් තොල ගාද්දී රෝස් චිකන් ඩෙවල් එකකට වඩා හොද කට කැස්මක් තමයි කඩා වැටෙන සිනමාව ගැන කතාකරන එක.

 

ලාංකේය සිනමා කර්මාන්තයක අවශ්‍යතාවය තිබිය යුත්තේ සිනමා පේ‍්‍රක්ෂකයින්ට නොවේ, සිනමා වෘත්තිකයින්ටයි. පේ‍්‍රක්ෂකයින් භාෂාව මොකක්වුනත් සිනමාව රසවිදිනවා. මේ අපේ රස්සාව. අප කළයුත්තේ රස්සාව ආරක්ෂා කිරීම, දියුණු කරගැනිම සහ අලූත් පරම්පරාවට දායාද කර ගැනිම නොවේද?  ඉන්පසු පසු පස හැරී බලන්න වැල නොකැඩි පේ‍්‍රක්ෂකයින් අපට අත්පොලසන් දෙනවා නොඅනුමානයි. පේ‍්‍රක්ෂකයින් එකතු කර සිනමාව ගොඩගැනිම ලාහට ගෙම්බෝ අහුලනවා වැනි නිෂ්පල ක‍්‍රියාවකි.

ඇත්තටම ලංකාවේ ඇත්තේ මේ භූමියේ කවදාවත් පැල නොකරපු, 1948 ඉදන් එක එක්කෙනාගේ තැටිවල පැලවෙච්ච, සිනමා කර්මාන්තයට සෘජුවම දායක නොවන, බොන්සායි සිනමාවකී..

සිනමාවේ කඩාවැටීමට විවෘත්ත ආර්ථිකය, අසුතුනේ කලබල ,එල්ටීටීඊ ත‍්‍රස්තවාදී ක‍්‍රියා ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියා කලාපය, රූවාහිනිය පැමිණීම, බහු මාධ්‍ය ප‍්‍රවේශය, සිනමාවේ ප‍්‍රතාපයින් රුපවාහිනියට රිංගීම සහ අරවද මේවද බයිලා කපරිඤ්ඤා කිසිවක් හේතු සහිතව හෝ රහිතව කතා කතාබා කිරිම දැන් පලක් නැත. යුද්ධය නිමාවි වසර 10 ගතවී තිබියදීත් සිනමාවේදීන්, දේශපාලඥයන් හෝ චිත‍්‍රපටි සංස්ථාව කර්මාන්තය හෙට ගොඩගනී යැයි බලාසිටිම මොනතරම් අමනෝඥ සහ අශ්ලීල ක‍්‍රියවක්ද?  ඔබ ම හිතන්න. අතපය ඇති ජව සම්පන්නයෙක් සිඟමන් යැදීම කදිම උදායරණයක් යැයි මට සිතේ…
අමතක කරලමු පැරණි කතා එක්වමු සිනමාවේ දියුණ පතා කියලා අපි සිංදුව මුමුණ ගෙන සියළු සිනමා වෘත්තිකයින් එක ධජයක් යටට එකතුවෙන පුළුල් සංධානයක් හැදීමට මේ හොදම කාලය කියලයි මට හිතෙන්නේ.  බොහෝ දියුණු සිනමාවක් තියෙන රටවල මිනිස්සු දේශපාලකයෝ පසුපස නොයයි. සිනමාවෙන් මිස්සුන්ගේ හිතීමේ සීමාවන් පුළුල් කරනවා. ආගම් ජාති සංස්කෘතික වශයෙන් මූලධර්මවාදී ගෝත‍්‍රක අදහස් වෙනුවට ජීවිතේ නව මානයන් පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ඇත්තටම සිනමාව ශරීරයට හොඳ ආහාරයක්,දැනුමට හොඳ පුස්තකාලයක්, ව්‍යායාමයට හොඳ පිට්ටනියක්. එමනිසා මේරටේ සිනමාව දියුණු කරන්න කිසිම දවසක දේශපාලන සෘජු මැදිහත්වීමක් නොකරන බව සහතිකය. පං පඩි ලැයිම් කාමර, බට්ටා කාර්, දුවට බැනට රැුකියා වගේ පුංචි පුංචි දේවල්වලට සිනමාකරුවා යන ලයිසන් එක නොවිකුණා, අපි අපේම සිනමාවක් ගොඩනගා ගමු. ඕනෑම වසංගතයක් සිනමාකරුවා ඉදිරයේ දනින් වැටේ. ලෝක සිනමාකරුවන් ජිවත් වන ඒ මහේශාක්‍ය තලයක අපේ සිනමා කරුවන්ද සිටිය යුතුය.. කොළ පාට නිල්පාට රතු පාට සංධාන වලට වඩා මේ සිනමා සංධානය අර්ථපුර්ණයි ස්වාධීනයි සුඛදායකයි නොවේද.

සිනමාවේ කඩාවැටීමට විවෘත්ත ආර්ථිකය, අසුතුනේ කලබල ,එල්ටීටීඊ ත‍්‍රස්තවාදී ක‍්‍රියා ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියා කලාපය, රූවාහිනිය පැමිණීම, බහු මාධ්‍ය ප‍්‍රවේශය, සිනමාවේ ප‍්‍රතාපයින් රුපවාහිනියට රිංගීම සහ අරවද මේවද බයිලා

ඇත්තටම ලංකාවේ ඇත්තේ මේ භූමියේ කවදාවත් පැලනොකරපු 1948 ඉදන් එක එක්කෙනාගේ තැටිවල පැලවෙච්ච සිනමා කර්මාන්තයට සෘජුවම දායක නොවන බොන්සායි සිනමාවකී..මම මේ කියන කතාව තේරුම් ගන්න උත්සහ කලොත්, අපිට පුළුවන් මේ බොන්සායි ගහ ඔය එක එක්කෙනාගේ තැටිවලින් ගලවලා. මේ  රත්තරං මව් පොළවේ හිටවන්න… අන්න එදාට සිනමාව නැමැති වනස්පතිය අපි හැමෝටම එක විදිහට සෙවන දෙවී…..