මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ සිනමා නිර්මාණයක් වන සහෝ රූගත කීරීම් මේවන විට නිමවී තිබේ. කැම්පස් ආදර කතාවක් වන මෙම සිනමා කෘතිය සඳහා දසුන් පතිරණ, ධිනාරා පුංචිහේවා, හර්ෂි අංජුමාලා සහ බියංක අමරසිංහ යන නළු නිළියන් රංගනයෙන් දායක වී ඇත.
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය චන්දන ජයසිංහ, සහාය අධ්‍යක්ෂණය සරත් සේනාරත්න, විධායක නිෂ්පාදනය ඉලේකා රුවන් පතිරණ, සංගීතය තරුපති මුණසිංහ, කලා අධ්‍යක්ෂණය ගයාන් මධුශංක, අංග රචනය ලක්ෂිත ජයකොඩි, සංස්කරණය ඩිලාන් ගුණවර්ධන, ඇඳුම් නිර්මාණය මනෝරි සුබසිංහ, ගායනා ඉන්ද්‍රචාප ලියනගේ සහ උපේකා නිර්මාණි යන ශිල්පීන් ගේ දායකත්ව නිර්මානය සඳහා ලැබී ඇත.