නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ පස්වෙනි සිනමා කෘතිය ලෙස ඊතල අද සිට දිවයින පුරා සිනමා හල් වල තිරගතවේ.

තරුණ රහස් පොලිස් පරික්ෂකවරයෙකු රටට සිදුවෙන්නට යන දැවැන්ත අපරාධයක් තීක්ෂණ බුද්ධියෙන් සහ කාර්යශූර්කම නිසා මැනවින් වලක්වා ගන්නා ආකාරයක් මෙම සිනමා කෘතියට වස්තුබීජය වී තිබේ.

ක්‍රියාදාම ගණයට වැටෙන මෙම චිත්‍රපටය සඳහා කැලුම් ආරියන්, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍යාමි ප්‍රනාන්දු, ගයත්‍රි ඩයස්, ශෙහානි පෙරේරා, චමත්කා ලක්මිණි, ධර්මප්‍රිය ඩයස් චරිත නිරූපණය කරනු ලබති.
ඊතලය එම්. පී .අයි/ එල් .එෆ් .ඩි සහ සී. ඊ. එල් යන මන්ඩල තුනට අයත් සිනමා ශාලාවල ප්‍රදර්ශනය වේ..