නාලක විතාන අධ්‍යක්ෂණය කළ ඊතලය සිනමා කෘතිය මේ වසරේ තිරගත කිරීමට නිෂ්පාදන කණ්ඩායම මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙනවා කියලා ආරංචියක් ලැබුනා… ඒ නිසා අද කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ ඊතලය චිත‍්‍ර පටිය ගැන …
වානිජ ධාරාවේ කි‍්‍රයාදාම චිත‍්‍ර පටයක්වන ඊතලය චිත‍්‍රපටය තුලින් තාරුණ්‍යයේ කඩවස් නළුවෙකු වන කැළුම් ආරියන්ගේ ත‍්‍රාස ජනක අපූරු කි‍්‍රයාදාමයන් අපිට දැක බලාගන්න පුළුවන්… සිනමාවේ හිටපු වීරයන් එකවරම සිනමාව අතහැර දේශපාලනයට ගිය මොහොතක, හේමාල් රණසිංහ, කැළුම් ආරියන්, අනූජ් රණසිංහ, අමිල කරුණානායක සහ තරුණ පරම්පරාව නියෝජනය කරන කඩවසම් තරුණයින් සිනමාවට පැමිනීම සිංහල සිනමාවට යහපතකි… කොටින්ම ගිලෙන නැවක හිදිමින් සිය තාරුණ්‍යය සිනමාව වෙනුවෙන් කැප කිරිමම අගය කළ යුත්තකි…

ඊතලය කිව්වාම, සිනමා කෘතියේ නමත් හරි අපූරුයි.  ඊතලයට අවශ්‍ය වන්නේ ඉලක්කයකි. දුන්නෙන් මුදාහරින ඊතලය සොයන්නේ ඉලක්කයක්ය. මෙම සිනමා කෘතියට ඉලක්කය කියා නම තැබුවානම් එය බොහොම සාම්ප‍්‍රදායක නමක් වෙන්න තිබුණා. නමුත් එතනින් මිදී මේ ඊතලය සොයා යන ඉලක්කය කුමක්ද කියා බලමු….

අයන්ති නැමති තරුනියක් කැනඩාවේ සිට ලංකාවට පැමිනෙන්නේ ඇගේ MBA  project එකකට අවසානය ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සහ යුද්දයේ පශ්චාත් තත්වය ගැන වාර්තාවක් සකසා ගැනීමේ අදහසිනි. ඇය ඒ සදහා යොදාගන්නේ ලක්ස්මන් නැමති දේශපාලකයෙක් ගෙන් තොරතුරු ලබාගැනීමටය. නමුත් ඒ හරහා අයන්ති විසින් ඔහුගේ දියනිය වෙන ජනනි සහ ඇගේ සැමියා වන සුරාජ් ගේ උදව් ලබාගනී.. මේ අතර තුර අයන්තී සහ සුරාජ් අතර අනියම් පෙමක් හට ගැනීමෙන් සුරාජ් ගෙන් අයන්ති ගැබ් ගනී.දරු පල නොමැති ජනනී මේ දේවල් දැනගැනීමෙන් පසුව ඔවුනට පවසන්නේ දරුවාද සමගින් අයන්ති සහ සුරාජ් ට සතුටිං ජීවත්වෙන ලෙසයි. නමුත් කිසිවෙකුත් නොසිතූ අයුරින් චිත්‍රපටයේ අවසානයේදී ලංකාවේ ප‍්‍රධාන පෙළේ  දේශපාලකයින් සහ රණවිරු දිනය ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා හැරීමේ ක්‍රියාමාර්ගයක් නිශ්ප්‍රබ කිරීමට හමුදා බුද්දි අංශ නිලදාරියෙක් විසිං රහසිගත මෙහෙයුමක අවසානයක් සමගින් චිත්‍රපටය නොසිතූ පැතිකඩකට යොමුකරමින් අවසානය දකී.

ඊතලය සිනමා කෘතියේ ප‍්‍රධාන නළු නිළි භූමිකාව කැළුම් ආරියන් සහ චමත්කා ලක්මිණී විසින් රඟ දක්වන අතර ශාමන් ෆර්නෑන්ඩු, ධර්මප‍්‍රිය ඩයස්, රෙක්ස් කොඩිපිලි, ෂෙහානී ප‍්‍රනාන්දු, ගයාත‍්‍රී ඩයස්, ඩෙඩි විද්‍යාලංකාර, දිලිනි මඩුෂිකා සහ ලක්ෂමන් මානවඩු සෙසු චරිත නිරූපනය කරයි. කැමරා අධ්‍යක්ෂණයෙන් තිළන්ක පෙරේරා ද සංස්කරණයෙන් තිවංක අමරසිරි ද වර්ණ සංකලනයෙන් ශාන් ද අල්විස් ද සිය දායකත්වය සපයා ඇති අතර අංගරචනයෙන් කේෂාන් පෙරේරා එක්වී ඇත..