ලාංකේය සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩගන්න ප‍්‍රවීන සිනමාකරුවන් වගේම ජවසම්පන්න තරුණ සිනමා කරුවන්ද අවශ්‍යයි. තරුණ සිනමාකරුවන්ට ප‍්‍රධාන ධාරාවේ සිනමාවට එකවරම සම්බන්ධවෙන්න ටිකක් අපහසුයි. ඒනිසා ඔවුන් සිනමාවට එකතුවෙන්න තියෙන ආසන්නම මාවත විදිහට තෝරගන්නේ කෙටි චිත‍්‍රපට කිරිමයි. ඇත්තටම කෙටි චිත‍්‍රපට කරුවන් වශයෙන් වෙනමම පිරිසක් ලෝකේ මෙන්ම අපේ රටෙත් ඉන්නවා. අවාසනාවකට අපේ රටේ කෙටි චිත‍්‍රපටිකරුවන් ඇගයීමකට ලක්කරන ක‍්‍රමවේදයක් නෑ.. මුල්‍ය පහසුකම් ලබා දෙන්න විදිමත් ස්ථාපිත වෙච්ච සංවිධානයක් නෑ.. අඩුම තරමින් මේ පිළිබදව දැනුම ලබාගන්න සාරාංශගත සගරාවක්වත් නෑහැ. තමන්ගේම ස්වඅධ්‍යයයනයෙන් තනාගන්නා කෙටි චිත‍්‍රපටි පෙන්නන්න තැනක් නෑ. මේ හැම ගැටළුවක් මැදම තවමත් වාසනාවකට කෙටි චිත‍්‍රපට නිර්මාණය කරන්න ලංකාවේ තරුණ සිනමා කාරුවන් මහාප‍්‍රමාණයක් ඉන්නවා. අන්න ඒ උත්සහවන්ත සිනමා කරුවන් එකතුකරලා, කෙටි චිත‍්‍රපට කලාවට නැවුම් අර්ථයක් දෙන්න අපි උත්සහ කරනවා.

සිනමාවට ආදරේ කරන, ව්‍යාපෘතිගතව නව දැක්මක් සහිත වගකීමකින් යුතුව කි‍්‍රයා කරන, වෙබ් අඩවියක් විදිහට මේ කෙටි චිත‍්‍රපටි ව්‍යාපෘතිය ආරම්භ කරන්න අදහස් කරනවා. පළමු පියවර බොහොම කෙටි පියවරක් උනත් ඒ පියවර ඔබව සිනමාවේ දිගුගමනක් අරගෙනයාවී.

අපි මුලින්ම අපිව හදුනාගමු. ඔබ කෙටි චිත‍්‍රපටි නිර්මාණ කරුවෙක්නම් එහෙම නැත්තම් කෙටි චිත‍්‍රපටි නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අපිව අමතන්න ඔබේ විස්තර අපිට ලබා දෙන්න. 0716660033