සංවාද සටහන
පවිත්‍රා බෝපැත්ත

ඔබතුමන්ගේ සිනමා ගමනේ ආරම්භය මතක් කළොත් ?

ඇත්තටම පාසැල් වියේදී තමයි සිනමාව කියන එක මගේ ඔළුවට වැටෙන්නේ. පසැල් අවධියෙන් පස්සේ ටික කාලයකදී මම යනවා ATC ෆිල්ම් ඇකඩමි කියන ආයතනයේ සිනමාව හදාරන්න. මේක මගේ පාසැලේ සමකාලීන මිතුරෙක් තමයි මේ ගැන මට කියන්නේ. පස්සෙ මම ඒකට ගිහින් ඉගෙන ගන්නවා අවුරුද්දකවිතර ඩිප්ලෝමා පාඨමාලාවක්. පස්සෙ අපි ඒක තුළින්ම පටන් ගත්තා ටෙලි නාට්‍ය කරන්න. මන්හිතන්නේ ලoකාවේ මුල්ම ටෙලිනාට්‍ය 15 ට වගේ සම්බන්ධ වුණා. පුහුණු වන අධ්‍යක්ක වරයෙක් හා සහාය අධ්‍යක්ෂ වරයෙක් වශයෙන්. වැඩ කරනකොට විශාල අද්දැකීම් ප්‍රමාණයක් ලැබුනා. ඒක තමයි ම්ගේ සිනමා ගමනේ ආරම්භය.

පවුලේ විස්තර ටිකක් කියමු ?

මට පිරිමි සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා. මම තමයි දෙවනියා. තාත්තා දැනට ජීවතුන් අතර නෑ. අම්මා ඉන්නවා. මම කොළඹ තමයි හැදුනේ. මගේ අම්මා රත්නපුරේ. එතකොට මම මුලින්ම ගියේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය ට. එහි දී තිබුනා සිකුරාදා ට රැස්වීමක් එහිදී මම ඉස්සරහට යන්නේ නැතිව යන අය මෙහෙයවව්වා. මේ විදිහට කරන්න මේක මේ විදියට කරන්න කියලා. මන් හිතෙන්නේ එදා ඉදලා අධ්‍යක්ෂනය කියන එක මගේ ඇගේ තියන්න ඇති. මම විවාහකයි මගෙ බිරිඳ තමයි සුනීතා චන්ද්‍රසිoහ මට පිරිමි දරුවන් දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා දුනිත් පන්නිපිටිය. පොඩි පුතා මෙවන් පන්නිපිටිය.

ඔබේ කලාඅ කටයුතුවලට මේ අයගෙන් ලැබෙන සහය මොන වගේද?

කලා කටයුතුවලට මේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මගෙ බිරිඳ ගෙන් සoගිලි චිත්‍රපටිය කරනකොට චරිත තෝරා ගැනීමේ මට ලොකු සහයෝගයක් දුන්නා.

සිනමාව දේශපාලනීකරණයකට ලක් වෙලාද ඔබතුමාගේ අදහස?

ප්‍රදර්ශනය, ප්‍රචාරනය, සංවිධානය කටයුතු සිනමාව නිර්මාණය පැත්තෙන් ගත්තොත් දේශපාලනීකරණයකට ලක් වෙලා නෑ.ස්වාධීන සිනමාකරුවන් ඉන්න නිසා දේශපාලකයන් ට බලපෑම් කරන්න බෑ. තමන් ගෙ තියන වස්තු බීජයක් නිර්මාණය කරන නිසා. නමුත් මෙතන ක්‍රිය වලියක් තියනවනේ ප්‍රදර්ශනය කියලා. එතන සෘජුවම වැඩ කරන්නේ ආදායම් හා වියදම් ලාභ අලාභ. එතනදී යම් විධියක එක්තරා කාලයකදී විටින් විට දේශපාලන මැදිහත් වීම් ප්‍රබල ලෙස සිද්ධ වුණා. අතීතය ගත්තොත් පහුගිය ආණ්ඩුව කාලේ මට මතකයි සම්පූර්ණ එන්නෙ රජ කතා. එකම වර්ගයේ චිත්‍රපටි ප්‍රදර්ශනය වීමක් පටන් ගත්තා. එක කණ්ඩායමක ඉතින් මමත් ඒ යුගයේ චිත්‍රපටි හදාගෙන පොලිමේ ඉන්නවා. එතන දී මං දකිනවා දේශපාලනීකරණයකට ලක් වීමක්. දැනුත් ඉතින් විටින් විට බලපෑම් ඇති කරනවා. කොහොම වුණත් ප්‍රදර්ශන ක්‍රියාවලිය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බෑ.

ඔබ කිව්වා පෝලිමේ හිටපු කතාවක්.  මේක හොද දෙකක් නෙමෙයි නේද?

ඒකට පැහැදිලිවම කාරනා දෙකක් තියනවා. පළමු කාරණාව තමයි සිනමා කර්මාන්තය ඉස්සරහට යන්නේ නැති එක. දෙවනි කාරණාව නිර්මාණ කරණය. ඇත්තටම මගේ දෙවනි නිර්මාණය කරලා 2015 දී පාලක මණ්ඩලයේ අනුමැතිය අරගෙන දාලා තියනවා. ප්‍රදර්ශනය බලා පොරොත්තුවෙන් කොහෙද ප්‍රදර්ශනය කරන්නෙ කියලා මේ තත්ත්වය උඩ සිනමාවේ නිර්මාණ කරුවා එක තැන පල් වෙනවා. සිනමා කර්මාන්තයේත් සක්‍රීය බවක් පේන්න නෑ.

මේක  මණ්ඩල වල තියන දුර්වල කමක් ද. නැත්තම් කොතැනද දුර්වලකම තියෙන්නේ?

නෑ මණ්ඩල වල දුර්වල කමක් මම දකින්නේ නැ. මේකේ සoථාවක් කියලා එකක් තියනවනේ. එතකොට නියාමනයක් ක්‍රමයක්  මේකේ තියනවා. චිත්‍රපටයක් හැදුවහම කෙරෙන්න ඕන කර්ය භාර්ය ටික මේක 1970 හදපු පනත අනුව ක්‍රියාත්මක උනත් දැන් ඉන්න ශිල්පින්ට කලා කරුවන්ට සීයට අසූවක් වගේ ප්‍රයෝජනවත් වෙනවා. ඉතුරු සීයට විස්ස අද කාලෙට නොගැලපෙන ඒවා. ඉතින් අපි ඒවා හදාගත යුතු ඒවා. විශේෂයෙන් තාක්ෂණයේ දියුණුවත් එක්ක එදා 35mm සහ සිනමා ශාලාවල් වල තියන එදා තාක්ෂණය ට මේ අය තීන්දු තීරණ ගන්න ක්‍රියාත්මක කරන දේවල් ඇති. දැන් ඉතින් තාක්ෂණය අනුව වෙනස් කර ගන්න ඕනා. වෙළඳ පොල අනුව වෙනස් කර ගන්න ඕනා. මේවා සoශෝධනය කරලා මේ පනතේ තියන දේවල් හදාගෙන ක්‍රියාත්මක කරොත් සිනමා කරුවන්ට දිරිය දීමක් විශේෂයෙන් ලoකාව කියන්නේ පොඩි රටක්. සිනමා ශාලා 25 ක් 30 ක් නේ තියන්නේ අධ්‍යක්ෂවරු අතේඇගිලි ගානට ඉන්නේ. එතකොට චිත්‍රපටි 20ක් 30 වගේ ලොකු ගානක් ඇති වෙන්නේ නෑ . අධ්‍යක්ෂවරු ඉතා අමරුවෙන් තමයි චිත්‍රපටි නිර්මාණය කරන්නේ. මුල් අවදියේදී ඒ හින්දා මේඅය දිරිමත් කරන හොද වැඩ පිලිවෙලක් අවශ්‍යයි. මේවා තමා දුර්වලතා.

ඩිජිටල් තාක්ෂණය ගැනත් ඒ කරුණු කාරනා ගැනත් පරියේෂණ මට්ටමක කාලයක් ගතකළා. ඒ ගැන මතක් කරනවානම් ?

ඇහුවෙ හොද ප්‍රශ්ණයක් මීට කලින් ඔය ප්‍රශ්නය මගෙන් අහලා නෑ. 97/2009 කාල වකවානුව තුළ මේ ගැන අධ්‍යයනය කරලා, මේ ගැන මං කිව්වා. අපි පිරිසක් එකතු වෙලා 35/60 කියලා ටේප් එකක් ඒක 35 mm වලට ට්‍රාන්සර් කරලා පෙන්නුවට, අය අපි තාක්ෂණය පැත්තට හැරිලා ආපස්සට එනවා. ඒ වගේම සිනමා ශාලාවල පෙන්නන්නේ 35 ප්‍රොජෙක්ටර් එකෙන් ඔය අවධියේ දී තමයි මේ අදහස මගෙ ඔළුවට තදින්ම දැනෙන්නේ. මා ලග තිබුණා පැනසොනික් කැමරා එකක් P2 කියලා. එක සාමාන්‍යයෙන් news කවර් කරන කැමරාවක්. මේක HD එකක්.  මේ ගැන ගොඩක් හොයලා බලලා. තව හිටපු දෙන්නෙක්ගෙන් උදව් ඇතිව. ඒ ගොල්ලෝ එක්ක කතා කරලා තමයි මන් මේක shoot කරන්නේ. හැබැයි ඒ වෙලාවෙ මට අභියෝගක් අවා, කොහොමද මේක ට්‍රාන්සර් කරන්නේ කියලා. මොකද අර සුපුරුදු ක්‍රමය නෙමෙයි නේ. පස්සෙ මම කීව්වා නෑ මම ඒක කරන්නන් කියලා. මේකෙන් පස්සේ කැමරාමන්ස් ලා වෙනස් වුණා. සාකච්ඡා ගියා. මේක මෙහෙම කරන්නේ කොහොමද කියලා. සල්ලි ගොඩක් නාස්ති වෙනවනේ මේක කරන්න පුළුවන් ද කියලා. පස්සේ ඒ අභියෝගය මං බාර අරන්  කරා. 35mm වලටත් ට්‍රාන්සර් කරලා සැවොයි සිනමා ශාලා වේ අපි කීපදෙනෙක් බැලුවා. ඒත් මට ඒක හරියට කර ගන්න බැරි වුණා. නිෂ්පාදන අoශයේ පොඩි පොඩි ප්‍රශ්ණ තිබුන නිසා. ඊ ලගට තමයි මම සoගිලි චිත්‍රපටිය කළේ.

නූතන සිනමාව ට සoගිලි තුළින් ඔබට දෙන්න තිබුන සමාජ පණිවිඩය සහ ඔබෙ  අරමුණු ඉෂ්ට වුණාද ?

මං හිතන්නේ මේ නිර්මාණය කරලා අවුරුදු 10 ක් විතර එතකොට සමාජය වෙනස් වුණා. කලාව කියන්නේ ගැඹුරු දෙයක්.  කාන්තාව ඉන්න පීඩනය සහ ඇයට සිද්ධවෙන අසාධාරණය විශේෂයෙන් ආසියාතික කාන්තාව හැදිලා තියන්නේ සoකෘතියක් රාමුවක් ඇතුලේ. ආරක්ෂාව කාන්තාවගේ ලැජ්ජ බය මේ තුළ රැදිලා තියනවා.  මම මේ ගැන කතා කරන්නේ නෑ. මේ ගැන කියපු ගමන් හැමෝටම අවබෝධයක් තියන නිසා ගොඩක් අපිට මේවා ගැන තොරතුරු එනවා. පහුගිය කාලේ වෙළද කලාපයේ කාන්තාවන් පීඩනයට හිoසනයට ලක් වෙලා තියනවා. මේවා අපිට ඇහුවහම තදින්ම පපුවට දැනුනා. ඔහොම තමා සoගිලි නිර්මාණය උනේ. සoගිලි බැලුවට පස්සෙ ගොඩක් අය මගෙන් අහුවා ඇයි ඔයා මෙහෙම නිර්මාණයක් කරේ කියලා සමහර තැන් වලදී මේක පෙළ ගැස්ම හමුවේ මෙ සමස්ථ රාමුව තුළ මෙහෙම දේවල් ඇයි සිද්ධ වෙන්නේ කියන කම්පනය තමයි මට ඇති කරන්න ඔන වුණේ. නැත්තන් මේක සැහැල්ලුයි පහසුයි කාට හරි දරුවෙක්ට කාන්තාවකට වරදක් වෙනවා එක නීතියට උසාවියට යනවා සාමාන්‍ය දෙයක්වෙලා ඒක ඒ දරුවා හෝ කාන්තාව විද දරා ගන්නවා. ඒකත් එක්ක ඒ දරුවා සමාජයේ ඉස්සරහට යනවා. ඒක එක සිද්ධියක් විතරක් බවට පත් වෙනවා. නමුත් කාන්තාවක් අම්මා කෙනෙක් කියන්නේ දරුවෙක්ට කිරි දෙන තැන ඉදන් ඊටත් එහා ඉදන් ඒ දරුවා බඩට එන්‍නත් ඉස්සර ඉදලා ඒ කාන්තාව ගේ මානසික මට්ටම යහපත් කරන්න්න ඔනා. ඒ කියන්නේ මේ ලෝකෙට එන දරුවා සමාජයේ යහපත් මිනිහෙක් වෙන්න ඕන නේ.  අපිට උදාහරණ තියනවා. එහෙම නොවිච්ච තැන් වල දරුවෝ සමාජය ට ඇවිත් හරි ප්‍රශ්ණ. මනෝ විද්‍යාව තුළ ඒවා කියනවා. මේක තමයි මම දැකපු දේ. මට ඉන්නේ පිරිමි සහෝදරයෝ මම ගියෙත් පිරිමි ඉස්කෝල වල. සීවලිය මිශ්‍ර පාසැලක්. මම ඒකේ අවුරුදු දෙකක් වගේ කාලයක් ගියේ. පස්සේ කෝට්ටේ ආනන්ද සාත්‍රාලයට. ඉතින් අපිට ගෑණූ ළමයින් සමීප නෑ. ඒත් අපි ගෑණූ ළමයින් ට ගරු කලා. බහුතරයක් පිරිමි ගැහැණිය ට ගරු නොකරන තත්වයකට පත් වෙලා. ඇයට කතා කරන්නවත් දන්නේ නෑ .මේක ගෘහස්ථ හිoසනය දක්වා ම ගිහින්. මේ තත්ත්වයට පත් වෙන්නේ සැමියා ගෙන් යැපෙන සහ විරැකියාවෙන් පෙලෙන කාන්තාවන්. වගේම දරුවන් මේකද පිරිමිකම, මේවා කොහෙන්ද ආවේ. මේවා මේ සමජ මතවාද ද?
ඔබ කීව්වා වගේ කුඩා කාලයේ ඉදන් පිරිමි දරුවන් ට සමාජයෙන් දාපු මතවාද තියනවා. අපේ රට පුරුෂ මූලික සමාජක්. පීතෘ මූලික සමාජයක්. පුරුෂයා පවුලට නායකත්වය දෙනවා. ආර්ථිකය ආරක්ෂාව පැත්ත බලනවා. ගැහැණිය එහෙම නැත්තන් අම්මා ආහාර ගැන පරිසරයට හුරු කිරීම වැනි දේවල්. මේක පරම්පරාවට එන දේවල්. හැබැයි මම මෙතනදි දැකපු දෙයක් තියනවා සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙක් හා පිරිමි දරුවෙක් විවාහ වෙනකොට මේ අයට උපදෙස් දෙන පිරිසක් ඉන්නවනෙ. විශේෂයෙන් ගැහැණු දරුවෙකුට නම් අම්මා පිරිමි දරුවාටත් එහෙමයි. මෙන්න මේ දේ මොන ක්‍රමයෙන් හරි නැවතිලා තියනවා. ලොකයේ කොහේ හරි කෙරෙන දෙයක් අපිට නොගැලපෙන සoකෘතියක් හා ආර්ථිකයක් පස්සේ හඹා යනවා එතකොට ඉතිං ගැටුම් තමයි.

අපේ සමාජයේ ස්තරය වෙනස්වෙන්න මාධ්‍ය බලපානවා කියලද ඔබ නොකියා කියන්නේ ?

ඔව්…. පැහැදිලිවම මාධ්‍ය වග කියන්න ඔනා. ඒ වගේම තමයි ගෙදර ඉන්න වැඩිහිටි අයත් මේවා තෝර බේර ගෙන නරඹන්න ඕන.

දැන් ගොඩක් වෙලාවට 2k 4k කියන තාක්ෂණ ක්‍රම ගැන කතා කරනවා නමුත් E සිනමාව කියන එකට සිනමා ශාලා පරිවර්තනය වෙලා තියනවා මේක E සිනමා ජාවාරමක්ද?

මෙහෙමයි. මොනවා වුණත් අපි තාක්ෂණයට පරිවර්තනය වෙන එක හොදයි. එතෙන්දි මොකක්ද තෝරා ගන්න ඔන කියන එක ගැන හිතන්න ඕනා. ඕකට ලොකු සාකච්ඡාවක් තිබුනා. තෝරා ගන්නකොට කර්මන්තයක් විදියට ලොකු ආයෝජනක් තියෙන්න ඕනා. ආයෝජනය සම්බන්ධවත් සාකච්ඡාවකුත් ගියා. කොහොමද මේක වෙන්නේ කොහොමද ණය මුදල් ගන්නේ. ඒතනදී ආයෝජකයන් ප්‍රමුඛත්වය අරගෙන E සිනමාව ගෙනාවේ. තවත් පුළුවන් අය ලක්ෂ 80 විතර වියදම් කරලා 2kකියන ප්‍රොජෙක්ටර් එක ගෙනාවා.

සිනමාව කර්මාන්තයක් විදියට පවත්වා ගෙන යන්න මොනවද කරන්න ඕනේ ?
පළවෙනියෙන්ම මේකේ ඉන්න ශිල්පීන් ආරක්ෂා කර ගන්න ඕන. ඒ වගේම ප්‍රදර්ශනය පැත්තෙන් ගත්තහම ගැටළු රාශියක් තියනවා. ඒවා නිවැරැදි කරන්න ඕනා. වැඩි දියුණු කරන්න ඕන. මේක කවලවම් වෙලා වගේ. යන්නේ ඒ පනත් අළුත් කරගෙන යන්න ඕනා ගමනක්.  මේක මහා දෙයක් නෙමෙයි. නවීකරණය කරන්න ඕන හැමදේම නවීකරණය වෙන ලෝකේ අපේ රටෙත් එහෙම තමයි. එත් මේ අපේ රටේ සිනමා කර්මාන්තයට තියන්නේ ඉබි ගමනක්.

සිනමාව දියුණු කරන්න අඩි තාලමක් තබන්න චිත්‍රපටි සoස්ථාව විසින් මොනවද කල යුතු දේවල් ?

මම හිතෙන්නේ චිත්‍රපටි සoස්ථාව ට පළමුවෙන් කල යුතු වන්නේ හොද පනතක් ගේන එක. වර්තමානයට අවශ්‍ය විදියට සාකච්ඡා ඇති කරලා, සoශෝධන හදාගෙන, එතනින් ක්‍රියාත්මක වෙන්න ඕන. මණ්ඩල ටිකත් තියන්න ඔන. හොද වෙළද පොළකුත් ඕනා. මේක මහා දෙයක් නෙමෙයි සිනමා ශාලා 150ක් නෑ රටේ. අවුරුද්ද ට චිත්‍රපටි 10 ක් නෑනේ පෙන්නන්නේ. ඔය චිත්‍රපටි ටික පෙන්නන්න සිනමා ශාලා ටික හදන්න බැරි නෑ. සoස්ථාවේ විශාල ඉඩමකුයි බිල්ඩින් එකකුයි මණ්ඩල 5/6 කුයි තියන එකේ මේක කතා කරලා කරන්න බැරි නෑනේ. අද බලන්නකෝ වෙන සමාගම් වල ශාඛා සමිති 200 යි 300යි. ලoකාව පුරා දාලා ඒගොල්ලෝ එක තැන ඉදන් කරගෙන යනවා. ඒවා හොද ව්‍යාපාර. ඉතින් සිනමාව කියලා කියන්නෙ රස විදින දෙයක්.  කාගීල්ස් ලා කීල්ස් ලා කොච්චර හොදට ව්‍යාපාර කරගෙන යනවද. බැoකුටික ගත්තත් එහෙමයි. එහෙම බැලුවොත් සිනමාව කියන එක ගොඩ ගන්න අමාරු නෑ. ලoකාව පුරා ශාඛා ටික ව්‍යාප්ත කරලා මේක කරන්න ඕනෑ. මේක කරන්න බෑ කියලා අර්බුදයක් ගේන එක නෙමෙයි, හරි ව්‍යාපාරිකයෙකු ට දුන්නොත් කරලා දෙයි.

ඔබ කියන්නේ මේක පුද්ගලීකරණය කරන්න ඕන කියලද?

නෑ…. පනහට පනහක් පුද්ගලීකරණය වෙන්න ඕන. semigovernment

 

චිත්‍රපටි පවරා ගැනීම බෙදා හැරීම පමණක් ප්‍රමාණවත් ද ?

මේක මණ්ඩල 5ට දීලා නේ තියන්නේ. මේක විධිමත් කර යුතුයි. ඒකට අවශ්‍ය කටයුතු කිපයක් තියනවා සකස් කරයුතු.

සෑම අතින්ම දුප්පත් අපේ සිනමාවේ මේ නළු නිළියන් අය කරන මිළ සාධාරණ ද

මම සිනමාව දුප්පත් කියලා කියන්නෙ නෑ. මම කියන්නේ අනෙක් රටවල් එක්ක සාපේක්ෂව ගත්තොත් දුප්පත් නේ.  ඔව් මේක කුඩා කර්මාන්තයක් නේ. චිත්‍රපටයක් කිව්වහම ඔනෑම රoගන ශිල්පියෙක් ට ශිල්පිනියකට වටිනා කමක් තියනවා. හොද මිළක් දෙන්න ඕනා. හැබැයි ඒ වටිනා කමට මේ අයට ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන්න ඕන. දැන් ඒ දවස් වල විජය කුමාරතුංග ගාමිණී ෆොන්සේකා වගේඅය ගත්තහම ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුන අය.