“සිකුරු හතේ” සහ “සුහද කොකා” වැනි ප්‍රහසනාත්මක චිත්‍රපට ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජනප්‍රිය  රංගවේදියකු සහ අධ්‍යක්ෂවරයකු වන ගිරිරාජ් කෞශල්‍ය සිය මීළඟ සිනමා නිර්මානය වන “කතුරු මිතුරු” ජන ගත කිරිමට සුදානමින් සිටියි. කතුරු මිතුරු – බාබර් සහ ටේලර් තව නොබෝ දිනකින් සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි  තිරගතවීමට නියමිතය.

මෙම චිත්‍රපටය සඳහා මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනවිරත්න, මොරින් චාරුණී, ජයනි සේනානායක, සඳනි හෙට්ටිආරච්චි, රසාංජන නන්දසිරි, මිහිර සිරිතිලක, වසන්ත විට්ටච්චි, ආනන්ද අතුකෝරල ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

නිෂ්පාදනය – ආලංකුලම චිත්‍රපට වෙනුවෙන් බාසුරු සිරිවර්ධන. විධායක නිෂ්පාදනය – යසිත් සිරිවර්ධන කැමරා අධ්‍යක්ෂණය – රුවන් කොස්තා සහාය අධ්‍යක්ෂණය – ජයන්ත අබේරත්න අංග රචනය – ප්‍රියන්ත දිසානායක සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ නිෂ්පාදන සම්බන්ධකරණය – නිලන්ත ප්‍රියදර්ශන ශබ්ද පරිපාලනය – ප්‍රියන්ත කළුආරච්චි ගීත රචනය – බණ්ඩාර ඇහැලියගොඩ, නිලාර් එන්. කාසිම්, අචල සොලමන්ස් නිෂ්පාදන සැසුම – ජයප්‍රකාශ් සිවගුරුනාදන් දෙවන කැමරා අධ්‍යක්ෂණය – තුසිත අනුරාධ කලා අධ්‍යක්ෂණය – මනෝජ් වික්‍රමසිංහ ඇඳුම් නිර්මාණය – සංජීව කරුණාරත්න සංස්කරණය – අජිත් රාමනායක නිෂ්පාදන කළමනාකරණය – ශ්‍රීලාල් වික්‍රමගේ නිශ්චල ඡායාරූප – ධම්මික පතිරත්න ගී තනු – ආචාර්ය රෝහණ වීරසිංහ, සමන්ත පෙරේරා, කපිල පූගලආරච්චි ගීත ගායනය – අමරසිර පීරිස්, අමන්ද්‍යා උත්පලි, තාරක ගුණරත්න, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න