කමිල මේදිස් උසස් අධ්‍යාපනය සඳහා වන පැවරුමක් ලෙසින් නිර්මාණය කළ හෝප් (hope) කෙටි චිත‍්‍රපටය  ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලබා තිබෙනවා.   2nd Ahmednagar International Film Festival හි  මෙම කෙටි චිත්‍රපටය තරගකාරී අංශය යටතේ තිරගත කොට තිබෙනවා.

සංකල්පය, පිටපත, කැමරාකරණය සහ සංස්කරණය ඇතුළු සියල්ල කමිල විසින්ම සිදුකොට තිබිම මෙම කෙටි චිත‍්‍රපටයේ විශේෂත්වයක්.

මිනිත්තු 03ක ධාව කාලයකින් යුතු මේ කෙටි චිත්‍රපටය පිළිබඳ කමිල්ගේ දක්වන අදහස්

” පුතාගෙන් ඇමතුමක් එනකල් බලන් ඉන්න අම්මෙක් වටා මේ කතාව ගොඩනැගෙනවා. අන්තිමේ ඇයට හමුවන පුංචි බලු පැටවෙක් ඇයට ජිවත් වෙන්න තියෙන එකම බලාපොරොත්තුව බවට පත් වෙනවා. මේක ගොඩනැගෙන්නේ බල්ලාගේ voice over එකක් විදිහට” මම දැනට මුම්බායි වල  FX-Film School එකේ ඉගෙන ගන්නවා. college එකේ පැවරුමක් විදිහට තමයි මම Hope කියන මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කලේ.