ද නිවුස් පේපර් සිංහල චිත්‍රපටියේ මංගල දර්ශනය දා

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර පිටපත ලියා අධ්‍යකෂණය කළ “ද නිවුස් පේපර්” සිංහල චිත්‍රපටියේ මංගල දර්ශනය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පසුගිය දා පැවැත්විනි. ප්‍රවීන නළු නිළියන් දේශපාලඥයින් සහ හිතවතුන් පිරිවරා උත්කර්ශවත් ලෙස මෙම මංගල දර්ශනය උත්සවය සංවිධානය කර තිබුනි. මෙය අමාත්‍ය බන්ධුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වන අතර එච්. ඩි ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ යන මහත්වරුන් මෙහි සම නිෂ්පාදකත්වය දරා තිබේ.

කුමාර තිරිමාදුර – සරත් කොතලාව සමඟ පුබුදු චතුරංග, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, නෙතලි නානායක්කාර, දයාදේව එදිරිසිංහ, ධර්මප්‍රිය ඩයස්, සරත් චන්ද්‍රසිරි, උමයංගනා වික්‍රමසිංහ, දිමුතු චින්තක, මාෂි සිරිවර්ධන, වසන්ත මොරගොඩ, වසන්ත කුමාරවිල, චින්තක වාස් ඇතුළු නළු නිළියන් හැටකට ආසන්න පිරිසක් මෙහි චරිත මවති.