අපිට කතාකරන්න පුලුවන් සිනමාවක් අතිතයේ තිබුනා. අපි ඒ අතීතයට කිවුවේ සිනමාවේ ස්වර්ණමය යුගය කියලා. නමුත් අදවෙන කොට එහෙම කතාකරන්න පුලුවන් සිනමාවක් නෑ. දැන් තියෙන සිනමාවට කියන්න වචනයක් හෙව්වට හම්බවුනේ නෑ. ටයිටස් තොටවත්තයන් කිව්වා වගේ, වහනයත් හදාගෙන පාරත් හදාගෙන අපිට මේ ගමන යන්න වෙනවා. ඒ ගමන ටිකක් නොවේ බොහොම දුෂ්කරයි. නමුත් සිනමාව වෙනුවෙන් අපිට ඒ ගමන යන්න වෙනවා. ඒ ගමනේ පලමු පිය සටහන තමයි “බීච් රෝඩ්” චිත‍්‍රපට කතා මාලාව. මේ කතා මාලාව හරහා අපි නවක නළු නිළියන් කිහිපදෙනෙක් හඳුන්වා දෙනවා. ඔවුන් පවතින්න අවශ්‍යයි. ඒ නිසා සිනමා කෘති නොකඩවා නිෂ්පාදනය කරන්න වෙනවා. නැත්තම් නුතන නළු නිළි පරම්පරාවට අද වෙලා තියෙන සෝචනීය තත්ත්වය අලූත් නළු නිළි පරාම්පරාවටත් උදාවෙනවා. ඔවුන් ව සිනමා තරු බවට පත්කරන්න ප‍්‍රවීන සිනමා අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙක්ම අපිත් එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා. කණ්ඩායමක් විදිහට සිනමාවේ ප‍්‍රශ්න වලට මුහුණ දෙමින් ඉදිරියට යන්නයි අපේ අරමුණ.  ඔබත් අපේ කණ්ඩායමට එකතුවෙන්න කැමතිනම් අපි සාදරයෙන් පිළිගන්නවා.

අලූත් රටක් අලූත් සිනමාවක්