මිචෙල් ෆොන්සේකාගේ නවතම සිනමා නිර්මාණය වූ නිම් හිම් සිනමා කෘතිය මෙම මස 06 වෙනිදා සිට තිරගත වේ. තමන්ගේ ඉරණම් කාරයා තමා සොයා එනකම් බලා සිටින අපුරූ තරුණියක් වටා ගෙතුනු අනුවේදනීය ආදර කතාවක්.. සම කුල සම ආගම් සොයන මව්පියන්ට පනිවුඩයක් සියුම්ව ගෙන එන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙයි.. අනපේක්ෂිත සි`දුවීමක් නිසා රාධිකා ක‍්‍රිෂ්ණ ස්වාමි ට ඇගේ ආත්මීය හිමිකාරයා හමුවෙනවා. තමන් වෙනුවෙන් ඔ්නෑම කැපකිරිමක් කරන්න සුදානමින් සිටින සංසාරගත පෙම්වතා ගැන ඇය කතා කරන්නේ මහත් ඕනෑ කමින්  ”නිම් හිම්” තුලින් කියන්නේ  ඒ ආදර කතාවයි. අපි හැමෝම ආදරය කරනවා. ආදරය සොයනවා. කාටවත් ආදරය නැතිව ජීවත් වෙන්න බෑ. ආදරය වයසට නොයනවා වගේම, ආදරයට වයස් සීමාවක් නෑ. ” නිම් හිම්” ආදරය කරන , ආදරය සොයන අපි හැමෝගෙම ආත්මීය කථනයයි.

ගංගු රොෂානා , මිලින්ද මඩුගල්ල ,ජනක් පේ‍්‍රමලාල් , කුමාරි මුණසිංහ , නිරෝෂා තලගල , නිලූෂා ප‍්‍රනාන්දු , ඩබ්ලිව් ජයසිරි , ගිහාන් ප‍්‍රනාන්දු , රොෂාන් පිලපිටිය , සමන් ධර්මවංශ , සම්පත් තෙන්නකෝන් , අනුර බණ්ඩාර රාජගුරු , සුසංග කහදවල , වසන්ත විට්ටච්චි ඇතුළු පිරිසක් ”නිම් හිම්” ස`දහා රංගනයෙන් දායක වේ ..

2020 පෙබරවාරී 06 වෙන්දා සිට දිවයින පුරා සිනමාශාලාවල නිම් හිම් සිනමා කෘතිය ප‍්‍රදර්ශනය කරන්න නිෂ්පාදන මණ්ඩලය සුදානම්න් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා…