ඉතා ආදරයෙන් ලොකු මහත් කළ දරුවෙකු හදිසියේම සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන ගියහොත් ඒ දරුවාගේ මව කුමක් කරනු ඇත්ද?  1980 අග බාගයේදී අප රටේ එවැනි පැහැර ගැනීම් දහස් ගනනක් සිදු විය.

පාංශු සිනමා කෘතියේ වස්තුබීජය හටගන්නේ එවැනි පරිසරයකයි. බබානෝනා වැනි මව්වරුන් බොහෝ දෙනෙක් තවමත් උණු කඳුළු බොමින් තම පුතා එන තුරු දොර දෙස බලා සිටිනවා කිවහොත් එය මුසාවක් නොවේ.. නිදහසේ ඇහැ පියා ගන්න  ඒ මව්වරුන්ට ඉඩ නොදුන් භිෂකයින් අදටත් සිය සැදෑසමය සුවබර සඳලුතලවල ගෙවාදමන බව අපගේ විශ්වාසයයි.. විසාකේස චන්ද්‍රසේකරම් ග්‍රහනයට ගන්නේ ඒ අදුරු යුගයේ බබානෝනාගේ කතාවයි..

සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු ඇතුළු නදී කම්මැල්ලවීර, ජගත් මනුවර්ණ, රන්දික ගුණතිලක, සේවියර් කනිෂ්ක, ගයාන් ලක්රුවන්, මයුර පෙරේරා, ග්‍රේස් ආරියවිමල්, මැල්කම් මචාඩෝ, දයා වයමන්, යොහානි හංසිකා, කුමුදු කුමාරසිංහ, නිල්මිණි බුවනෙක යන නළු නිළියන්ගේ දායකත්වයෙන් ගොඩනැඟුණු “පාංශූ” අද සිට දිවයින පුරා සිනමා හල්වල තිරගතවේ.