අනුස්මරණ සටහන
පවිත්‍රා බෝපැත්ත

එක් පසෙකින් ඔහු අසහය රoගන ශිල්පියෙක් , තවත් පසෙකින් ගායන ශිල්පියෙක් තවත් පසෙකින් ජනතා හිතවාදී නායකයෙක් ක්ලාරා බියෙට්‍රිස් පෙරේරා ට සහ කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග යන අයට දාව 1945.10.09 ජා ඇල දී උපත ලැබූ ඔහු නමින් කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නම් විය. ශාන්ත බෙනඩික්ස් පාසලෙන් සහ ද මැසෙනොඩ් පාසලෙන් අධ්‍යාපනය ලබා වයස අවුරුදු 23 දී හන්තානේ කතාව තුළින් 1968 රිදී තිරයට පැමිණෙනවා.

 

පසුව මේ දෑස කුමටද, තුෂාරා, දමයන්ති, බඹරු ඇවිත්,  සන්ගීතා, අනූපමා, ගග අද්දර, බැද්දේ ගම. මෙවැනි චිත්‍රපටි රැසක් තුළින් ඔහු රිදී තිරයේ යුගයක් සනිටුහන් කලේය. සිනමාවේ විතරක් නොවෙයි,  “වියූ පැදුර”  ගීතය තුළින් ගායනය දෙසට ඇස යොමු කරේ, ලොවෙන් එකෙක් එක දේකට වෙයි සමත යන කියමන කණ්ඩනය කරමින්ය. එසේ ආරම්භ කර ගායන දිවියේ ගග අද්දර , විල්ලුද පුoචි දෙපා, සැරයටියෙන් අපි යනෙන තුරා, සීගිරි ලාලිත ලදුනේ, දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්, මහ ශාක්‍ය කුලේ ඉපදී මෙකී ගීත ගායන තුළින් රoගන හැකියාවෙන් මෙන්ම ගායන හැකියාවෙන් සුවහසක් රසික හදවත් අමන්දානන්දයට පත් කරමින් සද රැස් කුමුදිනිය සිප ගන්නාක්මෙන් ඔහු ඒ රසික සිත් සිප ගත්තේය. 1978දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග යුග දිවිය ට එළඹෙන්නේ ඔහුගේ ජීවිතේ නවතම පිටුවක් පෙරලමින්ය. 1980 වේදී ඔවුන්ගේ කැදැල්ල ට පුoචි දුවෙක් එකතු වෙන්නේ ඔවුන්ගේ ජීවිත සම්පූර්ණ කරමින්ය. ඇය යශෝදරා කුමාරතුංග විය. පසුව මේ කැදැල්ල තවත් සම්පූර්ණ කරමින් පුත් රුවනක්ද එකතු වෙයි. ඔහු කසුන් විමුක්ති කුමාරතුංග නම්විය.

 

ජේ.ආර් ගේ ආණ්ඩුව විසින් අභූත නැක්සලයිට් චෝදනාව යටතේ අත් අඩoගුවට පත් විය.

 

උතුම් මානව හිතවාදි ගුණාංග උපතින්ම රැගෙනආ මේ සොදුරු මිනිසා 1983 සිට 1988 දක්වා කාල වකවානුව තුළ හොදම නළුවා ට හිමි සම්මාන පිට පිට දිනා ගත්තේය. 1974 දී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ට බැදුන ඔහු කටාන ආසනයට තරග කලේය. රටේ අහිංසක ජනතාවගේ ලාටු ගා අලවපු හදවතේ ගැහෙන ප්‍රශ්ණයක් වූ ධරිද්‍රතාවයේ පීඩනය හදුනාගත් ඔහු තම බිරිඳගේ ද සහය ඇතිව මිය යන තෙක්ම ක්‍රියාකාරී දේශපාලන යේ නිරත විය.

වාමාංශික අදහස් දරන ඒ අදහස් වලට ගරුකරන පුද්ගලයෙක් වූ විජය, එදා කටාන ආසනයේ අතුරු ජනාධිපති මැතිවරණය ට තරග කරද්දී දේශපාලන මැර ප්‍රහාර එල්ල විය. එමෙන්ම එකල  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය වෙනුවෙන් ද විශාල සටනක් ගෙනගියේ අලියකු නසන්න සිoහයෙක් කරන සිoහ රාවයක් බදුය. හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ප්‍රභල ආධාර කරුවෙක් වු විජය මෙකල දේශපාලන කරලියේ සුවිශේෂී චරිතයක් විය 82 ජනාධිපතිවරණයෙන් පසුව ජේ.ආර් ගේ ආණ්ඩුව විසින් අභූත නැක්සලයිට් චෝදනාව යටතේ අත් අඩoගුවට පත් විය. මාස දෙකක සිර බත් කෑ ඔහු නිදහස් වී පැමිණීමෙන් අනතුරුව 1983 දී මහර මින්නේරිය අතුරු මැතිවරණ වලට තරග කලේය. මහර මැතිවරණය පැවැත්වූ දිනයේදීම විජය ට වෙඩි තැබූ නමුත් ඔහු බේරුනේ අනූ නමයෙනි. තවත් වරෙක ජන හමුවක් අමතමින් සිටියදී ඔහුට බෝම්බ ප්‍රහාරයක් ද එල්ල විය. එහෙත් මෙම හිoසනයෙන් ඔහු තව තවත් ශක්තිමත් විය.

1984 දි ශ්‍රීලංකා මහජන පක්ෂය නමින් පක්ෂයක් නිර්මාණය කරගෙන ඔහුගේ දේශපාලන ව්‍යාපාර ගෙන ගියේය. මොහු ගේ දේශපාලන ව්‍යාපාර දියුණු උනේඑවකට රටේ තිබූ ප්‍රධාන පක්ෂ වලට ද අහියෝග කරමිනි එකල තිබූ ජනවාර්ගික ගැටළුව විසදීමට ඔහු මහගු ප්‍රයත්නයක් දැරුවේය. උතුරේ ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායම් සමග කෙලින්ම සාකච්ඡා වල නිරතවීමට තරම් ඔහු තුළ තිබූ ජාති වාත්සල්‍ය ජාතිකාභිමානය අපි අගය කල යුතුය. 1986 දි මදුරාසියේ දී මේ පිලිබඳ සාකච්ඡාවක නිරත විය.

 

අද පස්වරු 12.30 පමණ නාදුනන තුවක්කු කරුවෙක් විසින් විජය කුමාරතුංග මහතා ඝාතනය ට ලක් කොට ඇත. එදින විද්‍යුත් මාධ්‍ය තුළින් ගුවන පුරා රැව්පිලි රැව් නැගුනි.

1988.02.16 එදින විජය ට කාර්ය බහුල දිනයකි. ඉදිරි දින කිහිප යේ පැවැත් වීමට තිබූ එක්සත් සමාජ වාදී පෙරමුණේ මoගල රැලියේ සoවිධාන කටයුතු වල නිරතව සිටියේය. දහවල් 12ට පමණ දිවා ආහාරය සදහා කර තිබූ ආරාධනය සදහා නිවසින් පිටතට පැමිණියේය. මේ වන විට  රතුපාට බයිසිකලයක ට නැගුනු තරුණයන් දෙදෙනෙක් පොල්හේන්ගොඩ විජය ගේ නිවස දෙසට ඇදුනි. මෝටර් සයිකලයේ පසු පස සිටි ඝාතකයා විජයට වෙඩි තැබීමට පටන් ගත්තේය. ඒ වෙඩි පහරවල් පිටට වැදීමත් සමග ඔහු මුනින් අතට වැටුනේය. අනතුරුව ඝාතකයා විජය ලගට පැමිණ හිසට වෙඩි තැබුවේය ……….රෝහලටගෙන යන විටත් ඔහු මිය ගොස් තිබුනි.
අද පස්වරු 12.30 පමණ නාදුනන තුවක්කු කරුවෙක් විසින් විජය කුමාරතුංග මහතා ඝාතනය ට ලක් කොට ඇත එදින විද්‍යුත් මාධ්‍ය තුළින් ගුවන පුරා රැව්පිලි රැව් නැගුනි.

විජය ඝාතනේ කරේ ඇයි ? ඔහුගේ ප්‍රභල දේශපාලන ව්‍යාපාර අනෙකුත් දේශපාලන ව්‍යාපාර වලට තර්ජනක් වූ නිසාද? මේ දේවල් වලට සෘජුව හෝ වක්‍රව වගකිවයුතු අය කව්ද? විජය තම මවගෙන් බිරිඳ ගෙන් දරුවන් ගෙන් නෑ හිත මිතුරන් ගෙන් ඔහුට ලබැදි ජනතාව ගෙන් උදුරා ගන්න තරම් තුඩු දුන් හේතු මොනාද? ඔහුගේ රුව චායාව සෙමින් මිරිගු දියේ සැගවී අද්ට වසර 31ක් සම්පූර්ණ වන මේ මොහොතේ යලිත් කිසිම දිනක මෙවන්  අකල් මරණයක් ඔබට සිදු නොවේවා moves time අපේ ප්‍රාර්ථනාව, මගේ පැතුම නම්  රටට ආදරය කරන මිනිසුන්,ජන නායකයින් බුද්ධිමතුන් නසන පාපතරයන් යලිත් ලoකාව ධරනි තලයේ බිහි නොවේවා යන්නයි..