සංවාදයා
ප්‍රදීප් ලංකා

 

අලුත් විවාහයත් සමඟ රටේම අවධානය දිනාගත් රංගන ශිල්පියෙක් තමය ජයසේකර අපොන්සු කියන්නේ තටු වේදිකා නාට්‍යයෙන් රටම හදුනාගත් ඔහු සිනමාවට අතිශයෙන් ඇලුම් කරන කලාකරුවෙක් මේ ඔහු සමඟ කළ සොඳුරු සංවාදයයි

මේ දවස්වල අලුත් තොරතුරු මොනවාද?

මේ දවස්වල මම අලුත් චිත්‍රපටියක් කරා තරු සොබා කියලා ඒකේ නිෂ්පාදකවරයත් මමමයි. ෂූටිං ඩබින් මියුසික් සේරම ඉවරයි .තව පොඩි වැඩ ටිකක් තියෙනවා .ස්තූතියි නැවත එන්න සහ සෙල්ලම් නැත්තම් ලෙල්ලම් චිත්‍රපටි නිෂ්පාදනය කළ මංගල මඩු ගල්ල මගේ චිත්‍රපටියේ ඉතුරු හරියට වියදම් කරන්නම් කියලා කිව්වා . දෙසැම්බර් වෙද්දි වැඩ ඉවර කරලා ලබන අවුරුද්දේ පෙන්නන්න තමයි හිතාගෙන ඉන්නේb තටු වේදිකා නාට්‍ය අපි කරගෙන යනවා මායා සහ මිස්ටර් මැජික්ගේ ඉන්ද්‍රජාලය කියලා ෂෝ එකක් කරගෙන යනවා මීට අමතරව අලුත් වේදිකා නාට්‍යක් හා ටෙලි නාට්‍ය පිටපතක් ලියමින් යනවා.

අපේ රටේ දක්ෂතාවයට වඩා පෙනුමට අවස්ථාව ලැබෙනවා කියල මට හිතෙනවා

මම සිනමාවට එන කොට හොඳ හැඩ වැඩ ඇති කොල්ලෙක්, එතකොට මට වයස විසිගණන්. අපිට ටැලන්ට් එක හොඳට තිබුනා. දැන් බලන්න ඉන්දියාවේ දනුෂ් කියන නළුවා.  එච්චර ලස්සන නළුවෙක් නොවේ. නමුත් දනුෂ්ගේ ටැලන්ට් එකට සලකනවා >  අපේ රටේ ටැලන්ට් එකට සලකනවා. බොහෝම අඩුයි මට කරන්න පුලුවන් විහිළු චරිත විතරක් නොවේ මගේ දක්ෂ තාවයෙන් ප්‍රයෝජනයක් ගන්න කාටවත් උනන්දුවක් නෑ.

ඔබේ දක්ෂතා ඇගයිමට ලක්වු අවස්ථා තිබුනනේ

ඔව් 1975 වේදිකාවේ හොඳම නළුවා වුණා.  1984 සම්මාන 13 දිනාගෙන මම රෙකෝඩ් එකකුත් තිබ්බා ..කණගාටුමදේ වේදිකාවේදි ලැබුණු ඇගයිම සිනමාවෙදි මට ලැබුනේ නෑ.

ඔබේ පළමු සිනමා කෘතිය රූරෑ අසාර්ථකයි ඒගැන මොනවද හිතෙන්නේ ?

මං කරපු පළමු චිත්‍රපටිය රූ රෑ මහකාලකණ්නි කාලයක පෙන්නුවේ ඒකාලේ වැඩිය චිත්‍රපටි බලන්න සෙනග එන්නේ නෑ. හෝල්වලට අන්තිමට ගේ දොර ඉඩකඩම් විකුණලා මහජන බැංකුවට ණය බේරුවා.

වර්තමානයේ අපි දකින්නේ වේදිකාවේ සිනමාවේ ටෙලි කලාවේ සීමිත නළු නිළි පිරිසක් බොහොම ඒකාකාරීබවක් දැනෙනවා?

වර්තමානයේ එකාට එකා ගණන් ගන්නේ නැති ස්වභාවයක් දකිනවාමෙහෙම හිතමු මං චිත්‍රපටියක් කරනවා ඒ චිත්‍රපටියේ ඉන්න නළු නිළි කණ්ඩායමම ගේ ඊළඟ චිත්‍රපටියටත් ගන්නවා එතකොට ඒකාකාරි විදිහක් ඇතිවෙනවා දොස් කියන්න බෑ හැබැයි ඉස්සරඑහෙම නෑ පිටපතට සාධාරණයක් කරන්න පුලුවන් කියලා හිතන නළු නිළියෝ තමයි තෝරගත්තේ.

දවසින් දවස කඩාවැටෙන සිනමා කර්මාන්තයක් තියෙන රටක නිපදවෙන චිත්‍රපට ගැන මොකද හිතෙන්නේ

මේකනේ එකෙක් සබන් පෙට්ටි හැදුවොත් අනිත් එවුනුත් සබන් පෙට්ටිම හදන රටක් සමාජයක්නේ අපිට තියෙන්නේ සබන් කැටේ හදන්න කවුරුත් උත්සහ කරන්නේ නැ.ඉතිං පෙට්ටි විතරක් ඉතුරුවෙනවා අනික චිත්‍රපටියක් හදලා පෙන්නගන්න තියෙන අමාරුවක් ,  ඒ කට්ට කාලා හෝල් වලට දැම්මට පස්සේ ගලවන්න නොදි තියාගන්න එක ඊට වඩා දුෂ්කරයි.

දන්නවනේ හෝල් එකකට චිත්‍රපටියක් දාපු ගමන් සෙනග එන්නේ නෑ සතියක් දෙකක් යනවා .මිනිස්සු එන්න ඒවා තේරුම් ගන්න ප්‍රදර්ශකයෝ අඩුයි අනික ඉස්සර චිත්‍රපටියක් ආවාම ගුවන් විදුලිය රූපවාහිනිය ඒ සිනමා කෘතිය ජනතාව අතරට ගෙනයන්න හොද සහයෝගයක් දෙනවා අද හැම දේම සල්ලි වලටම සීමාවෙලා සිනමාව කියන්නේ රටකට ජාතික සම්පතක් කවුරුත් ඒක තේරුම් අරගෙන නැහැ.

අලුත් පරපුර ගැන බොහෝ ප්‍රවීනයන්ගෙන් අපිට නිතරම අහන්න වෙන්නේ දොස් ඔබට හිතෙන්නේ කොහොමද?

ගොඩක් දක්ෂ අය වර්තමානයේ ඉන්නවා මං දකිනවා. කොළඹ සන්නිය නව නිර්මානය කළ හර්ෂ උඩකන්ද හොඳ දක්ෂතා තියෙන කොල්ලෙක් ඒ වගේ තවත් අය ඉන්නවා .   ඒ අයට පුලුවන් සිනමාව වෙනුවෙන් දෙයක් කරන්න

විවාහය ඔබව නැවත කරළියට ගෙනාවා කියලා කිව්වොත් නිවැරදී

මගේ කලා ජීවිතය දිරිමත් කරන්න ජිවන ගමනට හොඳ සහකාරියක් ලැබුණා ඒගැන හරිම සතුටින් ඉන්නවා

ඔබේ අලුත් විවාහ ජිවිතයටත් කලා ජීවිතයටත් අපි හදවතින්ම සුබ පතනවා.