සංවාදය
පවිත්‍රා බෝපැත්ත,

 

වෙනදා වගේ අදත් සුවිශේෂී වූ නිර්මාණ කරුවෙක් සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි “තාල” චිත්‍රපටියේ අධ්‍යක්ෂ,   පාලිත පෙරේරා.කැමරා ශිල්පියෙකු ලෙස හෙළ සිනමාවට සිය දක්ෂතාවයන් මුසු කළ ඔහු, මෙවර අපව ආමන්ත්‍රණය කරන්නේ සුපුරුදු කැමරා කෝණයෙන් නම් නොවේ. ඔහු තාල සිනමා පටයේ අධ්‍යක්ෂවරයා ලෙස මෙවර අප හමුවට එයි. මේ ඔහු සමඟ කළ සංවාදයයි ….

මම මෙහෙම ඇහුවොත් මේ නිර්මාණය ගැන ඔබ තෘප්තිමත් ද?

ඕනෑම අධ්‍යක්ෂ වරයෙක් සතුටුයි තමන්ගේ නිර්මාණයක් සිනමාශාලා වලට එනවා කියන එක ඒක සතුටට කරුනක් ඒ සතුට තෘප්තිය මා ගාවත් තියනවා විශේෂයෙන් මම චිත්‍රපටිය කරේ සිනමා ශාලා වල පෙන්නන්නමයි සමහර අධ්‍යක්ෂවරුන්ගේ අදහසක් නෑ සිනමා ශාලා වල පෙන්නන්න ඔවුන් ඉතින් වෙන වෙන උපක්‍රම හොයා ගෙන යනවා චිත්‍රපටි මිනිසුන් අතර ට මම යවන්න බලාපොරොත්තු වෙන්නේ සිනමා ශාලා වලින් තමයි චිත්‍රපටයක් සිනමා ශාලා වල පෙන්වීම පිලිබඳ මම සතුටු වෙන්වා.

 

නිර්මාණකරුවෙක් යම් නිර්මාණයක් කරනකොට තිබිය යුතු විශේෂ දෙයක් තමයි අද්දෑකීම කියන එක. තාල චිත්‍රපටිය ට පාදක වුන අද්දෑකීම  මොකක්ද?

අද්දෑකීම් ගොඩක් තියනවා. මොකද මම ගුරු වෘත්තීය ට ගොඩක් කෑදරයි. මම දන්නේ නෑ මට එක කොහෙන්ද ආවේ කියලා. මට අපුරු ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. මගෙ ජීවිතේ අපේ තාත්තා සහ මට ඉoග්‍රීසි උගන්වපු ගුණතිලක සර්. මම ඉස්කෝල ගණනා වකටම ගියා. ජීවිතේ වැඩි හරියක් අධ්‍යාපනය ලැබුවේ පොඩි ඉස්කෝලෙක. මට මතක විදියට ළමයි දෙසිය ගාණක් වගේ , මට හරියට මතක නෑ. අම්බලන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය ඉතාම කුඩා පාසැලක්. මේ පාසැල ට එනවා අපූරු ගුරුවරයෙක්. මේ ගුරුවරයා ඒ කාලෙට සාපේක්ෂව හරි වෙනස්. කොන්ඩෙ ටිකක් වවලා. යටි රැවුලක් තියලා. ඩෙනිමක් එහෙම ඇදගෙන තමයි ආවේ. ඒ දවස් වල අපේ සිහිනේ හිටියේ ඇමරිකන් සංගීත කණ්ඩායමක් සහ ක්ලැරන්ස් විජේවර්ධන. මොකද මම ආසයි පොඩි කාලෙ ඉදලා ගිටාර් එක play කරන්න. ඒකත් එක්ක මගේ වීරයා උනා මේ ගුරුවරයා. මේ අපූරු ගුරුවරයා ඉoග්‍රීසි වලට අමතරව ජීවිතය සම්බන්ධ ව ගොඩක් දේවල් ලෝකය සම්බන්ධ ගොඩක් දේවල් කියලා දුන්නා. හරි අමුතුයි. එයා කතා කරන දේවල් සහ හැම තිස්සේම ලෝකය ගැන දැනුමක් තිබුනා. එදා එයාගෙන් තමා මම කැමරාව ගැන ඉගෙන ගත්තෙ. මොකද එයා කැමරාවක් කරේ දාගෙන එනවා ඉස්කෝලෙට. පින්තූර ගන්න හැටි, ඒවා print කරන හැටි, එතකොට කැමරාවේ තියන එක එක fromat කරන වගේ ඒවා ගොඩක් අපිත් එක්ක කතා කරා. ඊට අමතරව අපේ තාත්තා ලගත් box cammara එකක් තිබුනා. හැබැයි මම ඉපදිලා දැනුම් තේරුම් තියන කාලෙදී එක කැඩිලා තිබුනා. මට ගුණතිලක සර් ගෙන් තමයි කැමරාව පිලිබඳ දැනුමක් ආවේ. කෙසේ වෙතත් හොද ගුරුවරයෙක් ට පුළුවන් ළමයින් ගේ සිත් වල වෙනසක් ඇති කරන්න. අළුත් අද්දෑකීම් දෙන්න. ඔවුන් ට වෙන වෙන ලෝක පෙන්නන්න පුළුවන් කියන විශ්වාසය ආවේ මගේ ගුරුවරයාගෙන්.

ගුරුවරු කියන්නේ මිහිමත දෙවිවරු සුවහසක් දරු නැණ පුබුදුවන මේ ගුරුවරු ගැන ඔබේ හිතේ තියන ගරුත්වය ගැන අපි ගොඩක් අගය කරනවා. ඉතින් මේ කැමරාව කියන්නේ තෙවනි ඇස මේ ඇස නිවැරදිව පාවිච්චි කරන්න ඕන වර්ථමානයේදී මේ දේ හරියට සිද්ද වෙනවද? හොද කැමරා ශිල්පියෙක් සතු තියන අoග ලක්ෂණ මොනාද?

මම හිතෙන්නේ ඕක සාකච්ඡා කල යුතු තැනක්. මම හිතෙන්නේ ඔය කතා කරන්නේ සිනමාව සම්බන්ධ වෙන්න ඕන. සිනමාවේදී කැමරා ශිල්පියා ගේ කාර්ය භාර්ය විවිධ වෙනවා. අධ්‍යක්ෂ වරයා ඉන්නවා. සිනමැටර් ග්‍රැෆර් ඔහුව භාවිතා කරන ප්‍රමාණය මොනතරම් දුරට calibration කරනවද? මොනතරම් ගැඹුරකින් එයාව භාවිතා කරනවද කියන එක එයා සමග ද ඉන්නේ .සමහර අධ්‍යක්ෂවරු එයාට ඕන රූප සටන් ගෙදර දී ඇදගෙන එන්නේ. ඒ නිසා සමහර ඒවාගෙන් හොද නිර්මාණ වෙලා තියනවා. සමහර අධ්‍යක්ෂවරු ඉන්නවා කිසිම Frame එකක් තමන්ගේ කැමරා ශිල්පියා ට කියනනේ නෑ. අදහසක් විතරයි කියන්නේ. අදහස ට අනුව අරයා තමයි ඒක නිර්මාණය කරන්නේ. විශේෂයෙන් ගත්තොත් රසායනික ක්‍රමයට ෆිල්ම් කැමරාව භාවිතා කරපු වෙලාවක මම කරපු ෆිල්ම් දෙකකම ඇත්තටම මොනිටර් එකක් තිබුනේ නෑ .පස්සේ තමයි ෆිල්ම් කැමරාව ට මොනිටරය ආවේ. මෙ මොනිටරය එන්න කලින් මේ රූප පෙළ මම දකින්නෙත්. අධ්‍යක්ෂවරයා දකින්නෙත් මාස ගානට පසුව තමයි මෙම රූප පෙළ. ඉතින් මම හිතෙන්නේ ලෝකයේ සහ ලoකාවේ අපි දැනට කතා කරන  විශිෂ්ට නිර්මාණ අධ්‍යක්ෂ දැකලාත් නෑ. කැමරා ශිල්පියා දැකලත් නෑ. කැමරා ශිල්පියා ට පේන්නෙත් මේ රූප ගබඩා වන මොහොතේ නෙමෙයි. අනික් මොහොතේ ෆිල්ම් කැමරාවේ. මේවා අපි ලෝකයේ විශිෂ්ට නිර්මාණ කියලා බාර ගන්නවා. එතකොට ලොකු calibration එකක් සම්බන්ධතාවයක් අධ්‍යක්ෂ වරයා කැමරා ශිල්පියා කැමරා අධ්‍යක්ෂ වරයා සමග තියෙන්න ඕන.මෑත කාලයේදී වීඩියෝ වේ දියුණුවත් සමග මොනිටරය තුළින් රූප පෙළ දිකින්න පුළුවන්. මේ ක්‍රමය තුළ වියදම අඩුයි ඩිජිටල් ක්‍රමය තුළ නිතරම මක මක නැවත නැවත ගන්න පුළුවන්. මෙහිදී අධ්‍යක්ෂවරයා සහ විශාල පිරිසක් ඉන්නවා තීරණ ගන්න. ඉතින් මේ අදහස් පරස්පරයි. එක්කෙනෙක් එකක් කියනවා තව කෙනෙක් තව එකක් කියනවා. මෙතන තියන ගැටළුව තමයි ඒ මොහොතට කියන අදහස් උදේ වරුවේ එකක් හවස් වරුව වෙනකොට ඒක නෙමෙයි ඒ වගේ හරිඅමුතු විදියට තමයි. රූප ගත කිරීම් සිද්ද වෙන්නේ ෆිල්ම් වල සමහර වෙලාවට අධ්‍යක්ෂවරයා Frame තීරණය කරන අවස්ථා තියනවා. නමුත් ඒ ඔක්කොම නිරපේක්ෂක දේවල් නෙමෙයි සාපේක්ෂ දේවල්.

එතකොට ඔබ කිව්වා, විවිධ අයගේ විවිධ මත විවිධ අදහස් තියනවා කියලා. මේක හේතුවක් වෙනවද හොදම කැමරා ශිල්පියා ට හිමි සම්මානය ලබා ගන්න?

ඒකටත් පොඩි මතභේදයක් තියනවා. ඔය අහන ප්‍රශ්නය එක්ක ගැටළුවක් තියනවා. මම හිතෙන්නේ හරි සම්මාන උලෙළක සිනමැටර් ග්‍රැෆර් ට සම්මානයක් හම්බ වෙන්නේ පැහැදිලි මිෂන් එකක් එක්ක අධ්‍යක්ෂවරයා ගේ රූප ගමන් කරපු කෙනෙකුට තමයි. ඒක ඇතුලේ මම හිතෙන්නේ නෑ ඔය කියන සහභාගිත්වය අවුල් ගිය තැනකදී හරි විශාල හැල හැප්පීම් වලට ලක් උන මොහොතක දී සම්මානයක් හම්බ වෙයි කියලා. එහෙම නැතිව හම්බ වෙන්නේ නෑ පැහැදිලි මිෂන් එකක් එක්ක අධ්‍යක්ෂවරයා ගේ රූප පෙළ ගමන් කරවන කැමරා ශිල්පියෙකු ට තමයි මේක හම්බ වෙන්නේ කියලා මගේ විශ්වාසය තියනවා. හොද සම්මාන උලෙළක අපි ගරුකරන එහෙම නැත්‍තන් ලෝකය දිනා ගත්ත සම්මාන උලෙළක.

එතකොට අපි ගත්තොත් ලoකාවේ සිනමා උලෙළක දී හොදම අධ්‍යක්ෂ හොදම කැමරා ශිල්පියා හොදම නිළිය මේ වගේ තේරීම් කරනකොට දේශපාලන බලපෑම් තියනවා ද?

මම හිතෙන්නේ නෑ ලොකු බලපෑමක් තියනවා කියලා. මමත් ෆෙස්ටිවල් වල ඉදලා තියනවා. ජූරීවල ඉදලා තියනවා. මම හිටපු ජූරීවල නම් එහෙම කිසිම වෙලාවක බලපෑමක් වෙලා නෑ. මුදල් වියදම් කරන ඒක සංවිධානය කරන කණ්ඩායම් වලින්වත් එහෙම බලපෑමක් වෙලා නෑ. හැබැයි ගැටළුව තියන්නේ සහභාගි වන පිරිස අතර. මේ අය අතර විශාල මත ගැටුම් මත භේද තියනවා. මොකද අපි නීර්ණය කරන, අදහස් කරන සිනමාව සම්බන්ධව දරන මතවල විශාල ගැටළු තියනවා. ඉතින් මම හිතෙන්නේ ලෝකේ හැමතැනම මෙහෙම ඇති. නමුත් මේක අවසානයේ දේශපාලනිකයි. පක්ෂ දේශපාලනය නෙමෙයි. ඒක ඇතුලේ එකිනෙකා ගේ අදහස් අනුව දේශපාලනිකයි. ඒක කාලයට අනුව ස්ථානයට අනුව සාපේක්ෂයි. හැබැයි මම අවෝඩ්ස් සම්බන්ධව දරන මතය ගැන කියන්නම්. මට අවෝඩ්ස් ගොඩක් හම්බඋන කෙනෙක් අනාගතයයේ මට හම්බඋනත් මම ගන්නවා. ඒක ගැටළුවක් නෑ. ඒත් මගේ විශ්වාසය ජූරියක් විසින් දෙන සම්මානය නෙමෙයි. පැහැදිලිව සිනමාව සම්බන්ධව දන්න අපි ගරු කරන, ලෝකය ගරු කරන, තරුණ හෝ පරිනත පුද්ගලයින් දෙන විචාර තමා මට වටින සම්මාන. හැබැයි විචාරකයෝ විචාරකයෝ විය යුතුයි.

හොදයි අපි ඔබතුමාගේ ළමා කාලයේ මතකය අවධි කළොත් ?

අපේ පවුලේ 7 දෙනෙයි. මම මැද උඩ තුනයි යට තුනයි. අපි එකට ඉස්කෝලේ ගියා. හැබැයි අපේ පවුලේ කවුරුත් කාලා කාරයෙක් හිටියේ නෑ. මගේ පවුලේ මම මැද නිසා අයියලා කරන වැඩ දඩබ්බර වැඩ, යාළුවන් ගෙ වැඩ පරිසරය ගැන ඒ කාලේ අපේ අයියලා ගේ යාළුවෝ හිටියා ගොක්කොල කලාව ගැන කරන අය. තව සර්පිනාව එහෙම භාවිතා කරලා බජව් දාපු අය. ඇත්තටම මගේ ගම රාජගිරියේ මැද වැලිකඩ. පසු කාලීනව අපේ තාත්තා අපිව එක්ක යනවා පොල්ගස් ඕවිට හෙරලියාව කියන ග්‍රාමයට. ඒ ග්‍රාමයේ තොවිල් කරන ගරා යක්කු නටන දෙවොල් මඩු ගම් මඩු නටන විවිඩ දේවල් සිදු කරන ගමක් .මෙහිදී ලැබුන අද්දෑකීම් අනුව මම පරිසරය දිහා බලන් හිටියා. ඊට අමතරව ලෝකය පිලිබඳව ගුණතිලක සර් ගෙන් තමයි දැන ගත්තේ.   මම මේකට ආවා මිසක් පවුලෙන් මට කිසිම අනුබලයක් කලා ජීවිතය ට ලැබුනේ නෑ. අපේ තාත්තා ට ෆොටෝ ගන්න පුළුවන් කැමරාවක් තිබුනා. ඒක තමයි තිබුනේ සම්බන්ධයකට.

නිර්මාණ කරුවෙක් බිහි වෙන්න පරිසරය බලපානවද?

පැහැදිලිවම ඔව්.

ඔබ දක්ෂ කැමරා චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වෙන්න හිතුනෙ ඇයි ?

මම මේ ටිකේ ඔය ගැන ගොඩක් කතා කරා. මම අධ්‍යක්ෂවරයෙක් වෙන්න හිතුවේ ප්‍රායෝගික හේතුවක් මත. අපි වයසට යනවනේ එතකොට අපිව ගනන් ගන්නේ නෑ. ඒ වගේම තරුණ අධ්‍යක්ෂවරු අපිට වඩා වෙනස්. ඒ ගොල්ලො කැමති ඒගොල්ලන්ගෙ පරම්පරාවේ අයත් එක්ක වැඩ කරන්න. දැන් ඉන්න කැමරා ශිල්පියෝ දක්ෂයි හරි හොදට ඒ වැඩේ කරනවා ඊලග කාරනාව තමයි ඒ ගොල්ලෝ සිනමාව නැත්තන් රූපය හදුනා ගන්න විදිහ වෙනස්. මොකද මම නිතරම කියන දෙයක් තමයි අපිට පුළුවන් වෙලා තිබුනේ අපිට හුරු පුරුදුව තිබුනේ ඒකට Frame එක අටවන්න දැන් තරුණයන් ට හැකියාවක් තියනවා. Frame එක හදලා ඒකට ජීවය රෝපනය කරන්න එතකොට අපි අතර ගැටුමක් නොගැලපීමක් තියනවා. මම කියන්නේ අපේ ක්‍රමය හරි එයාලගෙ ක්‍රමය වැරදි කියන එක නෙමෙයි. එතන තියනවා පොඩි දුරස්ථ බවක්. මෙන්න මේ කාරණාව හා අනාරක්ෂිත බවකුත් ආවා. මොකද මාත් එක්ක වැඩ කරපු අධ්‍යක්ෂවරු රට හැර ගියා. සමහර අය වෙන වෙන පැති වලට හැරුනා. තවත් සමහර අය වැඩ කරගෙන යනවා. මේ කාරණා හෙතුවෙන් තිබුන අනාරක්ෂිත බවත් නිසා තමයි අධ්‍යක්ෂනය පැත්තට ආවේ. මොකද වෘත්තීය වශයෙන් මට වෙන කරන්න දෙයක් තේරෙන්නේ නෑ. මම උගන්වනවා විශ්ව විද්‍යාල වල සහ සමහර ආයතන වල. නමුත් ඒ සැලරි එක ඒ ගන්න ප්‍රමාණය ජීවත් වෙන්න මදි. වෙන කරන්න දෙයක් නැති නිසා තමයි මම ආවෙ අධ්‍යක්ෂනය පැත්තට.

එතකොට අද ඉන්න දරුවන් තාක්ෂණය උපයෝගී කරගෙන තමයි මේ දේවල් කරන්නේ මේ දියුණුව ගැන මොකද ඔබතුමා ගේ අදහස?

තාක්ෂණය කියන එක දියුණුවක් කියලා මම බාර ගන්න කෙනෙක් නෙමෙයි. ඔය දේට මම දෙන උත්තර් තමයි මගේ අවුරුදු 30ක අද්දෑකීම් එක්ක. අළුතින් එන කැමරා උපකරණ තාක්ෂණික උපකරණ ඔබ ට කොච්චර දායක වෙනවද කිව්වොත් මම කියන්න තියන දේ තමයි මට කැමරාව පහසුයි කැමරාව මට ඕන විදියට හැඩ්ල් කරන්න පුළුවන් ,වීම කුඩා වීම කරදර අඩු වීම වගේ දේවල් මට වටිනවා. ඒ ඇරුනාම මට කැමරා වේ තියන ලෙන්ස් වල කොලිටි එකත් හොදයි. ඒඑකත් වටිනවා. නමුත් ඊට වඩා වටිනවා මට අවශ්‍ය දේ තමයි මොකක් හරි මම කරන නිර්මාණය ට කැමරාව තියන තැන පිලිබඳව අධ්‍යක්ෂක වරයාගේ අවශ්‍යතාවය සදහා කැමරාව නැත්තන් ප්‍රේම් එකේ අවශ්‍යතාවය සදහා කැමරාව තියන පොෂිශන් එක. කැමරාව කැප්චර් කරන දේවල් පිළිබඳ කැමරාව ස්ථාන ගත කිරීම. කැප්චර් කරන විදිහ රිදම් එක පිලිබඳ තමා මට ගැටළුව තියන්නේ. ඒ වගේම අභ්‍යන්තරය පිලිබඳ තියන දැනුමට වඩා මම ගරු කරන්නේ සහ මම හිතෙන්නේ විය යුත්තේ කැමරා තාක්ෂණය පිලිබඳ විශ්වාසය නෙමෙයි නිර්මාණය කිරීම සදහා අධ්‍යක්ෂවරයා ගේ නැත්තන් අධ්‍යක්ෂ කණ්ඩායමේ මිෂන් එක යන්නේ කොහෙද ඔහුට අවශ්‍ය මොනාද කියන එක තේරුම් ගැනීම තමයි මගේ විශ්වාසය.

එතකොට ඔබේ සිනමා කෘතිය ට පිටතින් කැමරා ශිල්පියෙක් යොදා ගන්න හේතුව මොකක්ද ?

ඇත්තටම මේකට හේතු ගනනාවක් තියනවා. එකක් තමයි මම කැමරා දෙකක් භාවිතා කරා. එතකොට චින්තක සෝමගේ තමයි D.O.P විදියට වැඩ කරේ. එතකොට කුල රුවන් පිටතින් නෙමෙයි ඇත්තටම මගේ සහෝදරයෝ. ගෝලයෝ ඊට අමතරව ධම්මික රත්නායක චන්න දේශප්‍රිය. දිමුතු කාලිංග මේවගේ කැමරා ශිල්පීන් ගනනාවක් මගේ චිත්‍රපටිය ට සම්බන්ධ උනා. මේ ඔක්කොම මගේ මිත්‍රයෝ. පිටතින් කව්රුත් සම්බන්ධ උනේ නෑ. ඇත්තටම ඊලග කාරණාව තමයි මම ඩිරෙක්ෂන් එකට යනකොට මේ කැමරාවක් බදාගෙන ඔක්කොම මට කරන්න බෑ. මට එහෙම කරන්න හැකියාවකුත් නෑ. ස්ථීරවම මම එහෙම කරන එකකුත් නෑ. මම අධ්‍යක්ෂනය කරන්න වෙනම පැත්තකට වෙලා. නළු නිළියන් සමග මට වැඩ කරන්න මට අවශ්‍යයි. කැමරාවෙන් අයින් වෙලා. ඒ නිසා තමයි මම කැමරා ශිල්පියෙක් ගත්තෙ.

 

දරුවොත් එක්ක වැඩ කරනකොට හරි සුන්දරයි ඔබ ට දරුවොත් එක්ක වැඩ කරනකොට දැනුන හැගීම මොන වගේද?

මේ චිත්‍රපටිය බැළුවහම ඒක කියන්න පුළුවන්. මගේ චිත්‍රපටිය ඇතුලේ චෝදනා තියේවි අධ්‍යක්ෂ අසාර්ථකයි. අහවලාගේ මේ වැඩේ අසාර්ථකයි කියලා. නමුත් මම හිතන්නේ නෑ කව්රුත් කියයි කියලා ළමයි අසාර්ථකයි කියලා.

ඔබ තුමාගෙන් මම එහෙම අසාර්ථකත්වක් ගැන නෙමෙයි අදහස් කරේ

නෑ ..නෑ මම කියන්නෙත් ඒක තමයි. ඒ තරම් ළමයි සාර්ථක උනා. ඒ සාර්ථකත්වය ට හේතුව තමයි මම විශ්වාස කරන විදිහට ළමයි කියන්නේ ළමයි. ගොඩක් ළමයි කැමරා ආම්පන්න එක්ක වැඩ කරලා තිබුනේ නෑ. සමහර ළමයි ලොකු කැමරාවක් දැකලා තිබුනෙත් නෑ. ලoකාව වටේ ළමයි මට තිබුන අද්දැකීම් එක්ක මම විශ්වාස කරා මොකද මම ලoකාව පුරා වැඩ කරලා තියනවා කොමෂල් දෙදාස් ගානකට වඩා මම වැඩ කරලා තියනවා. ඒකේ ගොඩක් ඒවා ළමයින්ට ලoකාවේ වැඩිම ආදායමක් ගත්ත චිත්‍රපටයක් තමයි සිරි පැරකුම්. ළමයින් සම්බන්ධව ඒකෙත් කැමරා ශිල්පියා මම. මම විශ්වාසය කරන්නෙ ළමයින්ට කරදර නොකලොත් සහ කැමරාව මහ විශාල වස්තුවක් ඒ ගොල්ලන්ට මුහුණ දිය නොහැකි උපකරණයක් විදියට පෙන්නන්නේ නැතිව කැමරාව එයලට සරල කරලා එයාලට නිදහස දුන්නොත් ඒගොල්ලන්ගෙ පැත්තේන් කරන දේ උපරිමෙන්කරනවා. සහ බොහොම ආදරෙන් වැඩ කරා..

ඒක මමත් අගය කරන දෙයක් ඔබ ලග තියන ළමයින් සම්බන්ධයෙන් එතකොට ගෝල් උදුම්බරා තාල මේ එකම වගේ පාසැල් කතා පෙළක් ඇයි ඔබට මේවගේ දෙයක් කරන්න හිතුනේ ?

එකම විදිහේ කියලා ඔබ කියන්නේ කොහොමද. ගොඩක් වෙලාවට ඔතන තියන චෝදනාවක් තමයි. ගෝල් කියන්නේ මොකක්ද උදුම්මරා කියන්නේ මොකක්ද තාල කියන්නේ මොකක්ද එතකොට මට තියන ගැටළුව තමයි අ… ලස්සන ලිපියක් ලියලා තිබුනා ඔය සම්බන්ධව. ඒක මේ දවස් වල ශෙයා වෙනවා ෆේස් බුක් එකේ. පුද්ගලයෙක් ඕකට උත්තර ලියලා අපි හිතනවා ළමයි ඉන්නවා නම් ළමා චිත්‍රපටි. වැඩි හිටියෝ ඉන්නවා නම් ආදරය කරනවානම් ආදර චිත්‍රපටි. මේ හැරුනාම මට කියන්න ලෝකයේ තියන අමුතු චිත්‍රපටි. එහෙම චිත්‍රපටි තියනවා ද එහෙම චිත්‍රපටි තියෙන්න පුළුවන් අහම්බෙන් එනවා සාමාන්‍යයෙන් චිත්‍රපටි දාස් ගානක් ලක්ෂ ගානක් .හැදෙනකොට ඒවා ගේ කතා එකයි කතා කිව්වේ සම්බන්ධ වෙන පිරිස එකයි ගෝල් වල තේමාව නෙමෙයි තියන්නේ උදුම්බරා එකේ උදුම්බරා තේමාව නෙමෙයි මේකේ තියන්නේ මේකේ තියන්නේ හරි අධ්‍යාපනක් නොලැබෙන පාසැලක ට ගුරුවරයෙක් ඇවිත් ළමයින්ට එයා පුහුණු කරනවා. එයා උත්සහා කරනවා පර්යේෂණාත්මකව ළමයින් ට උගන්වන්නේ නැතිව එයා ඉගෙන ගත්ත එයා අධ්‍යනය කරලා තියන සාකච්ඡා කරලා තියන දැනුම ලබාගෙන තියන ක්‍රමයකට ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න. මේකට වෙහෙස වෙන ගුරුවරයෙක් වටා තමයි මගේ කතාව ගමන් කරන්නේ.

ලෝකයේ සිනමාව ගත්තහම දිනෙන් දින දියුණු වෙනවා එතකොට ලoකාව ගත්තහම ඊට හාත් පසින්ම වෙනස් ඒකේ අනිත් පැත්ත.  මොකද හිතෙන්නෙ?

මම හිතෙන්නේ සිනමාව විතරක් නෙමෙයි ලoකාවේ සියළු දේවල් වලට පොදු සාධකයක් ඕක. ලoකාවේ විතරක් නෙමෙයි අපේ රටවල් වගේ තියන අනෙක් රටවල් වලත් මේක පොදු ලක්ෂණයක්.  මේ කර්මාන්ත පවතින රටවල් වල ප්‍රාග් ධනය හා සම්පත් සම්පත් කිව්වේ මානව සම්පත් භෞතික සම්පත් නෙමෙයි. කර්මාන්තයක් කරනකොට ඒක ඇතුලට ගොඩක් එනවා. දැනුම දැනුම ගලාගෙන එනකොට නිර්මාණ වල හැඩතල විචාරශීලි ව වෙනස් වෙනවා. භෞතික සම්පත් ලෙස මුදල් ගලා ගෙන එනවා. ප්‍රාග් ධනය හම්බ වෙනවා ඒකෙන් ඉඩ ප්‍රස්තාව හම්බ වෙනවා. ගොඩක් නිර්මාණ කරුවන්ට සම්බන්ධ වෙන්න අපේ රට පොඩි රටක් චිත්‍රපටි කර්මාන්තය කියන්නේ ලෝකයේ දැවැන්ත රටවල් වල දැවැන්ත ඔළු ගෙඩි වලින් දැවැන්ත උපකරණ වලින් සම්බන්ධ වන කර්මාන්තයක් ඉතින් ඒ කර්මාන්තයත් එක්ක අපේ රට සසදන්න අමාරුයි. පොදුවේ මම ඔයාගෙ ප්‍රශ්ණය එක්ක එකගයි. මේකේ ගොඩක් කාලෙකට පස්සෙ මේකට සම්බන්ධ උන පිරිස පිළිබඳ ඔවුන් ගේ දැනුම සහ සිනමාව සම්බන්ධව ඔවුන් කරපු අභ්‍යාස ඇතුලේ ලොකු ගැටළු තිබුනා. ඇත්තටම මේකම විතරක් නෙමෙයි ආර්ථික දේශපාලන සාධක මේකට බලපානවා. පැහැදිලිවම මම කියනවා සිනමාව විතරක් නෙමෙයි සමස්ථ රටේ මේ අර්බුදය තියනවා.

පහුගිය කාලේ අපි ගොඩක් දැක්කා ඉතිහාස කතා ඉන්දියානු ආභාසය ලබා ගත්ත චිත්‍රපටි ආවා අපේ ජනතාවත් ඒවා වැළද ගත්තා. මම ඒක නැහැයි කියන්නේ නෑ එහෙම ඉතිහාසය මත්තෙම ඉන්නේ නැතිව මිනිස්සුන්ට හිතන්න යමක් ඉතුරු කරන චිත්‍රපටික් කරන්න ඕනා කියන එකට ඔබ එකගද?

ඔව් පැහැදිලිව ඉතිහාසය ගත්තහම අපේ විතරක් නෙමෙයි ලෝකයේ ම දැන් නිෂ්පාදනය වෙනවා. හොලිවුඩ් බොලිවුඩ් වල පවා මේ ඉතිහාස කතා නිර්මාණය වෙනවා. ඉතිහාසය ඕන අපිට ඒ දෙයින් රටේ ළමයින් ට අභිමානයක් හැගීමක් එනවා. නමුත් ළිදේ ඉන්න ළිං මැඩියෝ වගේ නැතිව අළුතින් යමක් හිතලා අළුත් නිර්මාණ වලට යොමු වෙන්න ඕනා. (මම) ඔබේ අදහසින් නෙමෙයි මම ඉතිහාස කතා සම්බන්ධව දකින්නේ. මට ඉතිහාසය මහා දෙයක් නෙමෙයි. මොකද රජ කියන එක මම ගනන් ගන්නේම නෑ. දැන් බලන්නකෝ පුරා විද්‍යා කෑනීම් වලින් හම්බවෙන වස්තු හැම දෙයක්ම රජ්ජුරුවන්ගේ සාමාන්‍ය මිනිස්සු ජීවත්උන කිසි දෙයක් හම්බ වෙන්නේ නෑ. රජ කාලේ තිබිලා තියන්නේමිනිස්සු ඉතාම වැඩවසම් දුක්ඛිතව ජීවිත ගත කරපු කාලයක්. මම ඒකට කැමති නෑ. අතීතය කොහෙත්ම හොදයි කියලා මම විස්වාස කරන කෙනෙක්. නෙමෙයි නමුත් ඒකේ මට තරහක් වීරත්වයක් කියලා කිසි දෙයක් නෑ. මට තියන්නේ ඉතිහාසය සම්බන්ධව වෙන කතාවක්. ලෝකයේ අපි කැමති උනත් අකමැති උනත් එහෙම ත්‍රෙන්ඩ් එකක් තියනවා. ඒක මිනිස්සු ඉල්ලා සිටින දෙයක්. මිනිස්සුන්ට නොපෙනෙන දේවල් ගැන චිත්‍රපටි හැදෙනවානම් සාකච්ඡා වෙනවා නම් මම හරි කැමති. මේ මොහොතේ අපේ රට ප්‍රශ්ණ ගොඩක ඉන්නේ. මිනිස්සු ඒවා දකින්නේ නෑ. කියන්නත් අමාරුයි. විශේෂයෙන් මගෙ චිත්‍රපටිය ප්‍රදර්ශනය වන මොහොතේ කර්මාන්ත චිත්‍රපටයක් හැටියට තාල චිත්‍රපටිය තුළින් මම කතා කරෙත් අධ්‍යාපනය සම්බන්ධව. මොකද තැනින් තැන මේ ළමා පරපුර ගැන කතාවෙනවා. අපේ රටේ ගුරුවරු ඉන්නවා ඉතාම උනන්දුවෙන් වැඩ කරන.මේ අය තනියම ළමයින් ගොඩ ගන්න උත්සහා කරනවා. මෙ ලෝකයේ විවිඩ අධ්‍යාපන ක්‍රම තියනකොට දෙමව්පියෝ ළමයින්ට වද දෙනවා.

මේ චිත්‍රපටියේ යටිපෙළ නේද ඔබමේ කියන්නේ 

පැහැදිලිවම ඔව් මම කරන චිත්‍රපටි වල බොහෝ දුරට පනිවිඩයක් දෙන්න මම උත්සහා කරනවා

පාලිත පෙරේරා දැන් කැමරා ශිල්පියෙක්ද චිත්‍රපටි අධ්‍යක්ෂ වරයෙක්ද ?

මේ භූමිකාව මට තාම පැහැදිලි නෑ. ලබන මාසෙත් චිත්‍රපටයක් රූ ගත කිරීම් කරනවා. රොහාන්පෙරේරා මගෙ මිත්‍රයා ගේ. ඉතින් මට ඉස්සරහටත් කතා කරලා තියනවා චිත්‍රපටි ගනනාවකටම. ඉතින් කැමරා ශිල්පියෙක් හැටියට වැඩ කරන්නත් මගේ ආශාව තියනවා. විශේෂයෙන් සාමාන්‍ය ජනතාව මේ චිත්‍රපටිය දැනෙන්නේ කොහොමද? මේක ෆීල් වෙන්නේ කොහොමද කියන එක ගැන මම ආසාවෙන් බලන් ඉන්නවා. මම ඒකට ගරු කරනවා. සහ මට ඒක ඊලග වැඩේට උදව් වෙනවා. ඒ වගේම මේකේ ඉන්න ගරු කරන සිනමාව දන්න විචාරකයන් සිනමාව දන්නවා කියලා ලෝකය දන්න ලoකාවේ මිනිස්සු විශ්වාස කරන තරුණ වේවා ප්‍රවීණ වේවා මට අදාල නෑ. හරියට සිනමාව ගැන දන්න පුද්ගලයන්ගේ විචාර වලට මම ගරු කරනවා. සහ ඒ අයගේ විචාර මත ඉදිරියට වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මම හිතනවා.

 

තාල සිනමා කෘතිය රූපගත කළ ආකාරය