සිනමා අධ්‍යක්ෂවරු පෙරළා කොඩිප්පිලිට උත්තර නොදෙන්නේ ඇයි ?

ප්‍රියන්ත කොඩිප්පිලි මහතා සිනම විචාරයක් කරාම, සිනමා අධ්‍යක්ෂවරු පෙරළා කොඩිප්පිලිට උත්තර නොදෙන්නේ ඇයි ?  ඒකට ප්‍රධාන කාරනා දෙකක් තියෙනවා පළමු කාරනය (01) තමන්ගේ චිත්‍රපටිය ප්‍රදර්ශනයේ තියෙන නිසා උත්තර දීම, එකට එක කිරිම නිසා ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවලට එන්නේ නැතිවෙයි කියා, හිතේ ගොඩනැගෙන බය.  දෙවනි කාරනය (02)  චිත්‍රපටියක් ප්‍රදර්ශනයේ තියෙද්දී, පිස්සෙකුට ,මානසික අසහන කාරයෙකුට, උත්තර දෙන්න තරම් වෙලාවක් නොමැති කම . පෝස්ටර් ගහස්සන්න තියෙනවා, හෝල් වලට යන්න වෙනවා, විද්‍යුත්, මුද්‍රිතමාධ්‍ය ප්‍රචාරය ගන්න උන්ගේ #ක පස්සේ යන්න තියෙනවා, මදි අඩුපාඩු සල්ලි හොයාගන්න තියෙනවා, දහසකුත් එකක් වැඩ කරන්න තියෙනවා. ප්‍රියන්තලා මේවා හොදින් දන්න නිසා අත දිගහැරලා පහර පිට පහර ගහනවා.  චිත්‍රපටියෙන් පස්සේ ත් අධ්‍යක්ෂවරයා ඉන්නේ ලොකු ආතතියකින් ,ඒ නිසා කොඩිප්පිලි මහතාට උත්තර දෙන්න වෙලාවක් නෑ. චිත්‍රපටියක් කරපුම එක්කෙනෙක් විතරයි මේවා දන්නේ.   ප්‍රියන්ත ගේ විචාරය තුල කිසිම දවසක සිනමාත්මක පසුබිමක් සටහන් වන්නේ නැත. ප්‍රියන්ත හැම විටම සිනමා කෘතියෙන් එහාට ගිය  පුද්ගලික කරුණුකාරනා සිය විචාරය තුලට ඇදාගනී. එවිට එය පුද්ගලික ගනුදෙනුවක් වෙනවා විනා සිනමා විචාරය නොවේ. ප්‍රසිද්ධ පත්තරයකින් පුද්ගලික අඩුලුහුඩුකම් වලට විචාරයක් යැයි කියාගන්නා කොලමක් යොදාගැනිම පත්තරයටද දැඩි හානියක් වන බව මගේ පුද්ගලික මතයයි.  ඔහු හදන්නේ දිගට හරහට බැන පතුරු ගසමින් සමාජයේ කෑපි පේන චරිතයක් වෙන්න…

    ලියනවනම් හැමෝගෙම පුද්ගලික අඩුපාඩු තියෙනවා. අපිට සිනමාවේදී එවා ඇත්තටම වැදගත් නොවේ.     කොළඹ සන්නිය රිටර්න්ස් කියන්නේ මැනික් සන්ද්‍රසාගරගේ කොළඹ සන්නිය නොවේ. ඒක වෙන එකක් මේක වෙන එකක්.කෙසේවෙතත් හර්ෂ නැවත කොළඹ සන්නිය රිටර්න්ස් කිරිම තුල, පැරණි කොළඹ සන්නියත් එහි අධ්‍යක්ෂ මැණික් සන්ද්‍රසාගර නාමයත් යලිත් වර්තමානයේ ජීවමාන උනා.

මම දන්න තරමින් මිනිස්සු අන්තර්ජාලය හරහා කොළඹ සන්නිය හොයන්න ගත්තා. ඉදිරියෙදි පුද්ගලික රූපවාහිනි නාලිකාවක් කොළඹ සන්නිය පෙන්නන්න යනවා කියලත් ආරංචියි. කොඩිප්පිලි මහත්තයා ට මේ කිසිවක් නොවැටහේයි ….              ඔහු  පටලවා ගෙන ඇත්තේ මෙතනයි. අනික් කාරනාවනම් අපි අතීත කාමයෙන් වෙන්වෙන් ඕනේ විචාරයක් ලියද්දී…. හර්ෂ,  සිනමාවේ දී භාවිතා කර ඇති වැරදි ක්‍රම, ඒ කියන්නේ සිනමාත්මක නොවන යෙදුම් කෘතියට අනුව විචාරය කිරිම යි විය යුත්තේ. නැත්තම් මැණික් ගේ කොළඹ සන්නියෙන් පත්තරේ පුංචි කොලම පුරාම ස්වැංවින්දනය ගැනිම නොවේ… ජයවිලාල් විලේගොඩ ප්‍රවීන විචාරකයාගේ විචාර නිවාඩුපාඩුවේ කියවීම ප්‍රියන්තගේ අනාගතයට හොඳ ආයෝජනයක් කියලා මම එතුමාට යෝජනා කරනවා..

ප්‍රියන්ත මහත්මයාණනි අද සිනමාව ගැන හිතන්න. සිනමාව වළලන්න බැකෝ දමා වළවල හැරුවත්, ඔබලා සිනමාව ගොඩනගන්න එක සිමෙන්ති බදාම ටිකක් අනා නැත. එය ඔප්පු කළ හැකි සාධක පසුගිය ඔබේ විචාර කියවීමෙන් ඕනෑවටත් වඩා සොයා ගත හැකිය. පෑනකින් දෙයක් ගොඩනගන්නත්, දෙයක් විනාශ කරන්නත් පුළුවන් බව හැබෑය. එය ආයුදයක් කොට ගෙන හතර අත වැනිම පිස්සා පොල්ල ගත්තා වගේ යෙදුමට සමානය.

හර්ෂටත් යමක් කිවයුතු ඇත. ඔබ යමක් කර එයට එන මල්ම විතරක් බාපොරොත්තුනොවිය යුතුය. ගල්ද ඉවසීමේන් බාරගතයුතුය. සිනමා නිර්මානයක් කරන්නේ විචාරකයින්ව මරන්න, ගහන්න, තර්ජනය කරන්න නොවේ.  මුහුකුරානොගිය ගති ඔබේ පුද්ගලික ගිනුම හරහා ප්‍රදර්ශනය කිරිම ඔබේ අනාගතයට විශාල හානියකි.  ඕන කෙනෙකුට ඕනම දෙයක් කියන්නට නිදහස තියෙනවා. ප්‍රියන්ත මහතා ගේ ගමන ඔහු යයි. ඔබේ ගමන ඔබ යන්න. අවසානයට කියන්නට ඇත්තේ සිනමාවේ නාමයෙන් ප්‍රේක්ෂකයින්ට විහිළු සැපයීමෙන් වලකින ලෙසයි.

චිත්‍රපටි සංස්ථාවේ ක්‍රියාකාරිත්වය විහිළු සහගත අවදියක. හෝල් කාරයින්ගේ ඒකාධිකාරය බලාත්මක වෙලාවක. ඉන්දියන් කාරයෝ සිනමා රසිකයින්ගේ සල්ලී හූරගෙන නැව් නගින්න ලෑස්ති මොහොතක.

සිංහල සිනමා කාර්මාන්තයට කුමක් වේද?

 

(සිනමා ප්‍රේක්ෂකයෙකුගේ පුද්ගලික අදහසක් බව කරුණාවෙන් සලකන්න)