අලුත් රටක් - අලුත් සිනමාවක්
අරුණ පත්තිනිගේ

අපි හැමෝම දන්නවා සිනමා කර්මාන්තය කඩා වැටිලා කියලා. ඒක පිළිනොගෙන තව අඩියක්වත් ඉදිරියට යන එක අවදානමක් කියලයි හිතෙන්නේ. සිනමාව දැන් තියෙන තැන හරියටම අපි හදුනා ගන්න සමත් නොවුනොත්, අනාගතයේදී දෙමළ චිත‍්‍රපටි සිංහලෙන් හඩ කවලා සිනමාව ගොඩගන්න බලාගෙන ඉන්න  පිරිසක් හොරාට නිදාගෙන ඉන්නවා…ඇතැම් පුද්ගලයින් සංස්ථාවේ අවසරය එනකං බලාගෙන ඉන්නවා.. සිනමා කර්මාන්තය හදන්න සංස්ථාවට විතරක්ම බෑ..දේශපාලකයින්ට අවශ්‍යත් නෑ. කරන්නත් බෑ.නියැලී සිටින්නන්ගේ එකමුතුවයි සැලකිල්ලයි  ප‍්‍රවීනයින්ගේ දායකත්වයයි අවශ්‍යයි… මේ සඳහා සහය නොදක්වන පුද්ගලයින් සමඟ තර්ක විතර්ක වලට හෝ වාද නෝකාඩු වලටයාමත් කාලය නාස්ති කිරිමක් කියලයි හිතෙන්නේ.  එකතුවෙන කෙනෙක් සමඟ මේ ගමනට පළමු පියවර තබන එකයි වැදගත්. ඊට පසු රැුල්ල බලන්න වැල්ලට කට්ටිය ඒවී හෙළුවෙන්..

සිනමා කර්මාන්තය වෙනුවෙන් අවුරුදු පහක් අපි දුෂ්කර, ක‍්‍රියා කරමුද?  අවුරුදු පහකින් සිනමා ගොඩගන්න වැඩ පිළිවක් හදමු ද? දැන් අත උස්සලා පස්සේ කකුලෙන් අදින්නේ නැති වැඩපිළිවලකට යමුද? අපි අධ්‍යක්ෂවරු, නළුවෝ, නිළියෝ, මම අහවලා කියලා මහගත්ත කෝට් එක, එහෙම නැත්තනම් කවුරු හරි අන්දවපු කෝට් එක අවුරුදු පහකට ගලවලා අල්මාරියේ එල්ලමුද? අපි අලුතෙන්ම දෙයක් අලුතින් පටන්ගන්න විදිමට හිතලා, පරණ කුණු හිතෙන් සුද්ද කරලා සිනමාව ගොඩගන්න හිතමුද?  සියල්ල අවිදිමත් රටේ, සියල්ල වෘත්තීය නොවන රටේ සිනමාවේ මහන්තත්තවය නොව සිනමාවේ ගුණය රැුකගෙන සිනමාව වසර පහකින් ගොඩදාන්න හිතමුද? සිනමා  සේවා සහ උපකරණ සපයන නිෂ්පාදන ආයතනය එකඟද?  එහෙම නම් සිනමාව වසර 5 න් ගොඩ ගන්නවා කියන දේ ඉතාම සුලු කාරනාවක්. කෙටියෙන් කියනවනම් අපි, අපිට කොන්දේසි විරහිත මැදිහත්වීමක් කරන්න පුලුවන්නම් මේ ගමන ඉතාම පහසුයි.
නොඑසේනම් සිනමාව ගොඩදැමිම කෙසේවෙතත් තරුණ පරම්පරාව DSLR  අරගෙන LED ලයිට් අරගෙන පාරට බැස්සොත් මේ සියලුම ආයතන පොලවට සමතලා වෙනවා අනිවාර්යයි. මොකද තරුණ සිනමාකරුවා යන්න පාරක් නැත්තම් පාරක් හදාගෙන හරි යන්න තරම් ජවසම්පන්නයි. ප‍්‍රවීනයන්ගේ යුතුකම ඒ අසීමාන්තික ජවය හරි පාරකට යොමු කිරිමයි.

2008 සිට සිනමාව ගැන කළ සමීක්ෂණ ඇසුරින් කරන උප කල්පන කොටසින් කොටස පලකරන්නම්

අපි කොතනින්ද පටන් ගන්නේ. අපිට ආරම්භයක් අවශ්‍යවෙනවා.
වර්තමානයේ ලක්ෂ දහයකටත් අඩු සිනමා පේ‍්‍රක්ෂකයින්ව ඉලක්ක කරගෙන හැම චිත‍්‍රටිකාරයම චිත‍්‍රපටි හදනවා. මේ ලක්ෂ දහය ලක්ෂ 12 කරගන්න කිසිම ව්‍යාපෘතියක් හදපු කෙනෙක් ඉන්නවද ? එහෙම ව්‍යාපෘතියක් දැකපු කෙනෙක් ඉන්නවද? හැම ව්‍යාපෘතියක් ඇතුලෙම තමන්ගේ කොටස ගැන වද වෙන පිරිසක් ඉන්නේ. ඉතිං සිනමා ව්‍යාපෘති සාර්ථක වෙන්නෙත් නෑ. එවට අනුමැතිය ලැබෙන්නෙත් නෑ. අනුමැතිය ලැබුනූ එවා ක‍්‍රියාත්මක කරගන්න ආර්ථික හයියකුත් නෑ. අපි මේ වැඩබිමට හැමෝම එකට බහින්න වෙනවා එක සරල රේඛාවක ස්ථාවර වෙනකන් ගමන් කරන්න වෙනවා. ඒකට තමයි කාලයක් අවශ්‍යවෙන්නේ.  අකමැත්තෙන් හරි ඒක කරන්න වෙනවා. නැත්තම් කැමැත්තෙන්ම වෙන ජොබ් හොයාගන්න වෙනවා. නමුත් ආරම්භයේ ඉන්න අයට එහෙම හිතන්න ලේසියි. නමුත් මුහුද මැද ඉන්න කෙනාට අමාරුයි. එක්කෝ ගිලිලා මැරෙන්න වෙනවා. නැත්තම් මැරෙනකම් පීනන්න වෙනවා. අද අපි කරන්නේ මැරෙනකම් පීනන එක.

සිනමා කර්මාන්තය ගොඩගන්න කලින් රැුකගන්න තියෙන දේවල් මොනවාද ? රැුක ගන්න තියෙන දේවල් නැති කරගත්තොත් ගොඩගන්න ඉතුරුවෙන අහවල් දෙයක් නැ.

01. නිර්මාණාත්මක අධ්‍යක්ෂවරුන් රැුකගැනීම හා නවකයින් හදුනා ගැනීම.  

02. නළු නිළියන්, මෙන්ම සමස්ථ කාර්මික ශිල්පීන් සුරක්ෂිත කරන වැඩ පිළිවෙලක් අවශ්‍යයි.

03. සිනමා ශාලා හිමියන් සුරක්ෂිත කරන වැඩ පිළිවෙලක් අවශ්‍යයි.

04. නිෂ්පාදකවරුන් සුරක්ෂිත කරන වැඩ පිළිවෙලක් අවශ්‍යයි.

05. දැනට සිනමාවේ රැුදිලා ඉන්න සහ අලුතින් සිනමා පේ‍්‍රක්ෂකයින් එක්කර ගැනිමේ සාර්ථක වැඩ පිළිවෙලක් අවශ්‍යයි.

06. වියදම් අඩු ප‍්‍රචාරක ක‍්‍රමවේදයන් හදුනා ගැනිම. 

07. සිනමාවට නිර්දය ලෙස පහරදෙන විචාර කාලවක් වෙනුවට සිනමාව නගා සිටුවන සිනමා විචාරක කලාවක් අවශ්‍යයි.

 

01. නිර්මාණාත්මක අධ්‍යක්ෂවරුන් රැුකගැනීම හා නවකයින් හදුනා ගැනීම. ඉතිරි කොටස පසුවට