පිහු : (Pihu)

2014 මුම්බායි මහල් නිවාස සංකීර්ණයක සිදුවූ සත්‍ය සිදුවීමක් පසුබිම් කරගෙන නිර්මාණය කර ඇති පිහු චිත්‍රපටය අඩු වියදමක් දරා නිපදවූවකි.  මෙම චිත්‍රපටය විනොද් කප්රි විසින් අධ්‍යකෂණ හා තිර රචනය කර ඇති අතර නිෂ්පාදනය රෙනී ස්ක්‍රීව්වලා සිද්ධාර්ත් රෝයි කපූර් ශිල්පා ජින්ඩාල් විසින් දායක වී ඇත. මෙම චිත්‍රපටයේ රංගනයෙන් මියිරා විශ්මකර්ම නම් අවුරුදු දෙක හමාරක් වයසැති වූ ළමා නිළියක්ය.  මෙහි ප්‍රධාන චරිතය හැරුණුකොට ගෙන තවත් එක් චරිතයක් පමණක් යොදා ඉතා අඩු වියදමකින් නිපදවා ඇත. මෙම පිහු චිත්‍රපටය මේ වනවිත් ගිනස් වාර්තා පොතට ඇතළත් වී ඇත.  එයට හේතු වී ඇත්තේ වයසින් අඩුම නිළියක් ප්‍රධාන චරිතය නිරූපණය කරන ලොව එකම සිනමාපටය ලෙයසි.  මේ වන විටත් අන්තර් ජාතික සිනමා උළෙලවල් ගණනාවක සම්මානයෙන් පිදුම් ලබා ඇත.
2018 නොවැම්බර් තිරගත කර ඇති අතර බොහෝ දෙනා අතිශය සංවේදී අදහසු දක්වා ඇත.  කම්පනය සංවේග මුසු වූ මෙම චිත්‍රපටය මෙහි කථා සාරාංශය වශයෙන් සිය දෙමාපියන් ඝාතනය කර ඇති නිවසක දින කිහිපයක් තනිව දිවි ගෙවන කුඩා දැරියක පිළිබද වූ කථාවකි.