හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ “සේද මාවතේ” සිනමා පටයේ මංගල දර්ශනය ඊයේ (20) තරංඟනී සිනමා ශාලාවේදී පැවැත්විය.
කලා කරුවන් සහ හිතවතුන් රැසක් මංගල දර්ශනය නැරඹුමට පැමිණ තිබීම විශේෂ කාරණයකි.

අන්තවාදීන් විසින් සිව් දිශාවේම පුපුරා හැරීමට සැලසුම් කළ ප්‍රබල බෝම්බ ප්‍රහරයක් දක්ෂ ආරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් වළක්වා ගන්නා ආකාරය මෙම සිනමා පටයේ තේමාව වී ඇත
අනුජ් රණසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, දමිතා අබේරත්න, ආනන්ද අතුකෝරාළ, හර්ෂි අංජුමාලා, තුසිත් දනුෂ්ක ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වෙති.
LFD මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගතවන සේද මාවතේ චිත්‍රපටය නිශාන්ත ජයවර්ධන, හර්ෂ උඩකන්ද සහ අනුජ් රණසිංහ නිෂ්පාදනයේ හිමිකරුවන්ය..