සන්නිවේදකයෙකු මෙන්ම සොඳුරු මනුෂ්‍යයෙකුවු හේමනලීන් කරුණාරත්ත මහතා අප අතරින් වියෝ වී පසුගිය ජුනි 06 වෙනිදාට පුරා වසරක් සපිරේ.දයාබර සොඳුරු සන්නිවේදකයාණන්ගේ ගුණ සිහිපත් කර පවත්වන පුණ්‍යමය කටයුත්ත අද 08 දින  නලීන් මහතා ජිවත්වු මාලඹේ මිල්ල ගහවත්ත ප‍්‍රදේශයේ නිවසේ පැවැත්වේ. දහවල් දානමය පිංකමක් සහ රාත‍්‍රි මතක බණ දේශනාවක් වශයෙන්

හේමනලීන් මහතාට ආදරය කළ සහ ඇසුරුකල ඥාතින් හිතාදර පිරිසක් මෙම පුණ්‍යමය කටයුත්ත සංවිධානය කර තිබේ. හේමනීන් කරුණාරත්නයාණනි ඔබට නිවන් සුව ලැබේවා

මාධ්‍ය සමඟ සහ මිනිසුන් සමඟ මහත් දයාවකින් කටයුතු කළ හේමනලීන් මහතාව හිතවතුන්ට අමතකව ගියාදෝ දැයි අපට සිතෙන්නේ වර්ෂ පුර්ණ ගුණ සැමරුමක් හෝ දකින්නට නොලැබෙන නිසාවෙනි. කොතෙකුත් ගෝල බාලයින් නිර්මානයකළද වැඩිමනක් බිහිවුයේ මුසිලයින් නම් මෙවැන්නක් බලාපොරොත්තුවීම පුදුමය දනවන්නක් නොවේ. අදරණිය හේමනලීන් මහ සන්නිවේදයකයාණන් වෙනුවෙන් මේ පුණ්‍යමය කටයුතු  සූදානම් කළ සියල්ලන් අපි ඉතා අගය කොට සැලකිය යුතුය.