ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය “අසන්ධිමිත්තා” මංගල දැක්ම 23 වැනි බූසාන් අන්තර් ජාතික සිනමා උළෙළේදී පැවැත්වේ.

මෙම සිනමා උළෙල ඔක්තොබර් මස 3 වැනිදා සිට 13 වැනිදා දක්වා දකුණු කොරියාවේදී බූසාන් නුවරදී පැවැත්වේ. විවිධ අංශවලින් සිනමාපට 300ක් ප්‍රදර්ශනය කරන මෙම සිනමා උළෙල දී ආසියානු සිනමාවට කවුඑවක් අංශයේ හොදම චිත්‍රපට දෙක සදහා පිරිනැමෙන කිම් ජිසෝන් සම්මානය සදහා අසන්ධිමිත්තා චිත්‍රපටය නිර්දේශ වී තිබේ.
සමන් විික්‍රමාරච්චිගේ කෙටි නව කතාවක් ඇසුරින් නිර්මාණය කළ අසන්ධිමිත්තා චිත්‍රපටය සරසවි සිනෙරු චිත්‍රපට වෙනුවෙන් එච් ඩි ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි. මෙහි නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිව් ජයසිරි, ශ්‍යාමි ප්‍රනාන්දූ, යශෝධා විමලධර්ම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා, සදලි හදගම, රිතිකා කොඩිතුවක්කු ප්‍රදීපා රාමවික්‍රම, විදත් වීරකෝන් හා අහස් දිසානායක රංගනයෙන් දායක වී ඇත.