සිංහල සිනමාවට තවත් ක්‍රියාදාම චිත්‍රපටියක් එකතුවෙනවා අගෝස්තු 21 වෙනිදා.. ඒ තමයි සෙලීනා චිත්‍රපටිය. අනුකරණයෙන් තොරවූ කියන උද්දෘතයෙන් හදුන්වන නිසා ප්‍රේක්ෂකයින්ගේ අකාර්ශනයට ග්‍රහනය විය හකි ජීව ගුණයක් ප්‍රචාරණ ක්‍රමවේදයේම රැදිලා තියෙනවා.

චන්දන එදිරිසිංහ හා පූජිත ගුණතිලක දෙපළගේ සුසංයෝගයෙන් යුතුව සම අධ්‍යක්ෂණය කළ සෙලීනා චිත්‍රපටිය දෙදෙනාගේම කුළුදුල් නිර්මානය විදිහටයි ජනගත වෙන්නේ.. අනුජ් රණසිංහ සහ දිනෙත් ද සිල්වා සමග නිලුක්ෂි අමන්දා මෙම සිනමා පටයේ ප්‍රධාන චිරත නිරූපනය කරන අතර ජීවන් කුමාරණතුංග වීනා ජයකොඩි ආරාධිත රංගනයෙන් දායකත්වය සපයනවා.  ඊට අමතරව රොහාන් විජේතුංග, මනෝහාරි විමලතුංග, රෝහිත ඩයස්, දුෂීප්‍රභා ඉලංගකෝන්, දයාසිරි හෙට්ටිආරච්චි ඇතුළු නළු නිළියෝ රැසක්  “සෙලීනා” සිනමා පටය වෙනුවෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

කැමරා අධ්‍යක්ෂණයෙන් නිරංග සංජීව, සංස්කරණය, වර්ණ සංයෝජනය සහ ශබ්ද පරිපාලනයෙන් දිලාන් ගුණවර්ධන, අංගරචනයෙන් තාරක අධිකාරි, කලා අධ්‍යක්ෂණයෙන් ජනක ප්‍රදීප් කුමාර් සෙනවිරත්න, සහය අධ්‍යක්ෂණයෙන් ජනක ආඳාසූරීය, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක, සංගීත අධ්‍යක්ෂණයෙන් ලසන්ත වීරසූරිය, ගීත ගායනයෙන් ඉන්දික රුවන්, රංග ප්‍රසාද් සමගින් රෙසංජනී නවෝද්‍යා එදිරිසිංහ යන ශිල්පීන් තිරෙන් පිටුපස හිදිමින් තම හැකීයාවන් සෙලීනා සිනමා පටයට ලබාදී තිබෙනවා…

මාධ්‍යකරුවන් නළු නිළියන් සහ හිතවතුන් පිරිවාරාගෙන පසුගිය දා රූබි සිනමා ශාලාවේදී විශේෂ දර්ශනයක් පැවැත්වුවා.. පහතින් දැක්වෙන්නේ එම උත්සව අවස්ථාවේ ඡායාරූප එකතුවයි…