“ඩාන්ස් ඩ්‍රීම්ස්” කියන්නේ සුන්දර තාරුණ්‍යයේ නර්තය හා සංගීතය සමඟ මුසුවුණු අපුරු සිනමා කෘතියක් …

ලංකවේ ප්‍රථම වරට ඩාන්සින් චිත්‍රපට මාලාවක් කරන්න අපිට අදහසක් එනවා. ඒ අදහසට අනුව මෙම චිත්‍රපට මාලාවට අපුරු කතා 6 ක් ඇතුලත් වෙනාව. පළමුවෙනි කතාව තමයි “ඩාන්ස් ඩ්‍රීම්ස්” කියන්නේ. අපිට තවත් වෙනස් ම අදහසක් එනවා. ඒ අදහස තමයි මේ චිත්‍රපට මාලාවට අලුත් මුහුණු ටිකක් එකතු කරගන්න. දක්ෂතා තියෙන නර්තන කණ්ඩායම් ලංකාව පුරාම විසිරිලා ඉන්නවා. අන්න ඒ නර්තන කණ්ඩායම් එකතුකරලා අපි මේ සුන්දර චිත්‍රපට මාලාව නිර්මාණය කරනවා. ඇත්තටම මේක තරඟයක්. ලංකාවේ හැමතැනම ඉන්න නර්තන කණ්ඩායම් වලට ආරාධනා කරනවා අපිත් එක්ක එකතුවෙන්න කියලා.

 

“ඩාන්ස් ඩ්‍රීම්ස් “කතා සාරාංශය

දිපිකා පාරම්පරික ඉඹුල්ගොඩ නර්තන ගුරුන්නාන්සේගේ එකම දුව වන අතර නර්තන සම්ප්‍රදායන් ඉදිරියට ගෙනියන්නට වගකීම් ඇගේ උරමත තැබීම ඉඹුල්ගොඩ ගුරන්නාන්සේගේ එකම බලාපොරොත්තුවයි. සේපාල ඉඹුල්ගොඩ ඥාති පරම්පරාවේ සමීපතම පුතෙකුකි. ඔහු දිපිකාට බෙහෙවින්ම ආදරය කරයි. ඒ ආදරය කිසිදිනක ප්‍රකාශ නොකළ සේපාල දිපිකාගේ අනාගතය ගොඩගන්නට වෙහෙසෙයි. මේ අතර නගරයේ අලුතින් පටන්ගන්නා බටහිර නර්තන පන්තියේ චාල්ස් සර් ලඟට දිපිකාගේ පැමිණීමත් එහිදි දේවක නැමැති තරුණයා මුණගැසීමත් දෛවෝපගත සිදුවීමකි..ඩෙරිකාගේ එකම සිහිනය දේවකවන අතර දීපිකාගේ හදිසි පැමිණිම ඇය සසල කරයි ….   මේ ජීවිතවල ඉරණම ලියැවි ඇත්තේ ඔබ කිසිදාක නොසිතන ආකාරයකටය..

“ඩාන්ස් ඩ්‍රීම්ස් ” නර්තනයේ සොදුරු අඩහැරය.

 

තරඟ කොන්දේසී

01 වයස අවුරුදු 20- 30 අතර විය යුතුය.
02  පැරණි ඡායාරූප එවිමෙන් වැලකිය යුතුය.

 

  • රඟපෑමට දක්ෂතා ඇති සාමාජිකයින් සිටීම කණ්ඩායමට විශේෂ ප්‍රමුඛතා හිමිවෙනු ඇත
  • ඔබට තනි තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් විය හැකිය.
  • පාරම්පරික උඩරට පහත රට නර්තන කණ්ඩායම්ද අවශ්‍යවේ

 

ඔබේ තොරතුරු අපවෙත එවන්න
විද්‍යුත් ලිපිනය
email address

movietimeslk @gmail.com

0716-660033