සංවාද සටහන 
ප‍්‍රදීප් ලංකා

කිසිම රජයකින් කිසිම සහනයක් දීලා නෑ. සාහිත්‍යට රජයෙන් යම් මැදිහත්වීමක් විය යුතුයි. හැමදාම කඩදාසි මිල අහස උසට ඉහළ යනවා. මේ විදියට ගියොත් ඉදිරියෙදි පොත් පත් ප්‍රකාශනය කිරීමත් ගැටලුවක් වෙනවා.

ප‍්‍රවීන සාහිත්‍ය සහ නාට්‍යවේදි රංජිත් ධර්මකීර්ති

 

 

රංජිත් ධර්මකිර්ති කියන චරිතය ගොඩනැඟුනේ කොහොමද?

මම ඉපදිලා තියෙන්නේ කොළඹ සොයිසා පුර රෝහලේ. මගේ කුඩා කාලේ ගෙවුනේ නාත්තන්ඩියේ. අපේ මුල්ම ගම මාතලේ හුලංගමුවේ. මාරවිල සෙන් සේවියර් පාසලෙන් මුලික අධ්‍යාපනය ලැබුවා. ඊට පසුව මහරගම රජයේ අභ්‍යාස විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඒ පාසලෙන් පස්සේ කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් උසස් පෙළ කළා. පාසලේදි මම නාට්‍ය කණ්ඩායමට සම්බන්ධවෙලා ඉගෙන ගත්තා. නාට්‍යවලට හිත ගොඩක්ම බැදුනේ ලුම්බිණියේ ඉගෙන ගන්න කාලෙදි.
පාසල් ජිවිතයේ අවසානයත් සමඟම මම ගුවන් විදුලියට බැදුනා. මගේ මතකය හැටියට ඒ 1963 විතර විභාගයේ ප්‍රතිපල එනකම් මම පාරදුර උසාවියේ භෂා පරිවර්තකයෙකු විදිහට වැඩ කළා. ඒ අතර කාලයේ ගුවන් විදුලි සන්නිවේදකයෙකු විදිහට කටයුතුකලා. පාලිත පෙරේරා ,අමරබන්දු රූපසේන මාත් එක්කම ගුවන්විදුලියට බැදුණු අය. පස්සේ මම උසාවියේ රස්සාව අතහැරලා ශ්‍රි ලංකා මහ බැංකුවෙ මාණ්ඩලික නිලධාරියෙක් විදිට රැකියාවට ගියා. විශ්‍රම ගන්න තුරුම මම වැඩ කළා.

නාට්‍ය නිර්මාණයට යොමුවුනේ කොයි කාල වකවානුවේදිද ?

1963 දි තමයි මම මගේ පලමු නිර්මාණයට අත තියන්නේ. මේ නාට්‍යයේ නම එක වහල යට ස්වතන්ත්‍ර නිර්මාණයක්. ඊට පසුව කාලයත් එක්කම තවත් නිර්මාණ සමුහයක් කරන්න මට හැකියාව ලැබෙනවා. නැංඟුරම්, මහගෙදර, රඟපබා, හස්තිරාජ මහත්තයා, හිරු නැති ලොව, අංගාරා ගඟ ගලා බසියි, මෝදර මෝල, චෙරි උයන, ආඬි රැළේ නාඩගම සහ මේඝ ඇතුළු නාට්‍ය 11 මගේ අතින් නිර්මාණය වෙලා තියෙනවා.

ඔබ විසින්ම පරිවර්තනය කළ කෘතින්ම නාට්‍ය බවට පත්වෙනවා. පොතක තියෙන සාහිත්‍ය රසයි වේදිකාවක නාට්‍ය රසයයි දෙක එකට සම්මිශ්‍ර කරගෙන නාට්‍යක් හදනාව කියන්නේ අමාරු කාරනාවක්.

මම මේ අරන් තියෙන්නේ නාට්‍ය විදිහටම පරිවර්තනය කරලා. නමුත් අනුවර්තනය ඊට වඩා වෙනස්. උදාහරණයක් විදිහට කිව්වොත් මහ ගෙදර කියලා කියන්නේ චෙරි උයන නාට්‍යයේ අනුවර්තනයක්. මෙතනදි අපිට යම් යම් ගැලපෙන වෙනස්කම් වලට යන්න පුලුවන්. මොදේ කළත් පාඨකයා ප්‍රේක්ෂකයා ආරක්ෂා කර කළ යුතුයි. ලොකු ඉවසිමක් තියෙන්න ඕනේ. ඒ වඩේ හරියට කරන්න නැත්තම් නාට්‍යට වගේම කෘතියටත් අසාධාරණයක් වෙනවා.

1963 දි තමයි මම මගේ පලමු නිර්මාණයට අත තියන්නේ. මේ නාට්‍යයේ නම එක වහල යට ස්වතන්ත්‍ර නිර්මාණයක්. ඊට පසුව කාලයත් එක්කම තවත් නිර්මාණ සමුහයක් කරන්න මට හැකියාව ලැබෙනවා.

නාට්‍ය කලාව ජිවිතේ කරගත් ඔබ සාහිත්‍ය පැත්තේ නිර්මාණ වලට යොමුවෙනවා ඒ ගැන කතාකරනවානම්.

මගේ ප්‍රථම සාහිත්‍ය නිර්මාණය තුන්වන ලෝකයේ කතාවක් කියන කෙටි කතා සංග්‍රහය. ඊටපසුව ප්‍රදීපාගාරය යට හරස් පාර හුදෙකලාවු මිනිසෙක් රචනා කළා. අභය භූමී මගේ පළමු නවකතාවයි.

රුසියානු සාහිත්‍යය අපිට ගැලපෙන්නේ මොන විදිහටද ඔබ දකින සමීපතා මොනවාද?

මම රුසියානු සාහිත්‍යට ගොඩක් කැමති කෙනෙක්. රුසියානු සාහිත්‍යයේ එන මහා ලේඛකයෝ වන ඇන්ටන් චේකෝෆ්, මැක්සිම් ගෝකිර් වැනි අයගේ පොත්වලට ඉතාම කැමතියි. මම තුන් හතර සැරයක් රුසියාවට ගිහින් තියෙනවා. මට පේන විදිහට රුසියන් ජීවිතය අපේ ජීවිතයට ගොඩාක් කිට්ටුයි. සිරිත් විරිත් සංස්කෘතික අංගත් අපිට ගොඩාක් සමීපයි.

මාටින් වික්‍රමසිංහ සුරීන් එක් අවස්ථාවක ප්‍රකාශකරලා තියෙනවා ඔහුගේ ගම්පෙරළිය පොතට බොහෝසෙයින් පාදකවුනේ චෙරි උයන කතාව කියලා.

ගොඩදෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මේ චරිත සමානයි නේද කියලා. වික්‍රමසිංහ ශූරීන්ට ඒ ආභසය චෙරි උයන පොත කියෙව්වට පසුව එන්න ඇති. බිඳ වැටෙන වැඩවසම් සමාජයත් නැගී සිටින ධනේෂ්වර සමාජයත් මේ පොත් දේකේම තියෙනවා.

ඔබේ කෘතීන් ටෙලිනාට්‍ය බවටත් පත්වුණා .

සතිෂ්චන්ද්‍ර මහගෙදර ටෙලියකට නිර්මාණය කළා. ප්‍රදීපාගාරය යට රූපවාහිනියෙන් කළා.

වික්‍රමසිංහ ශූරීන්ට ඒ ආභසය චෙරි උයන පොත කියෙව්වට පසුව එන්න ඇති. බිඳ වැටෙන වැඩවසම් සමාජයත් නැගී සිටින ධනේෂ්වර සමාජයත් මේ පොත් දේකේම තියෙනවා.

සාහිත්‍ය, වේදිකාව, රූපවාහිනිය ජය ගත්ත ඔබ සිනමාව ස්පර්ශ නොකිරීම පුදුමයක්, ඇයි එහෙම වුණේ?

තිස්ස අබේසේකරත් එක්ක එකතුවෙලා චිත්‍රපටියක් කරන්න සැලසුම් කරා. මලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සම්බන්ධ කරගෙන නමුත් නිෂ්පාදනය කරන්න හිටපු පුද්ගලයාගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා බංකොලොත් වුණා. ඒ හින්දා සිනමාවට එන්න තිබ්බ අවස්ථාව මගහැරුණා. එක අතකින් එහෙම වුණ එකත් හොදයි කියලා හිතෙනවා. මොකද පසුගිය දශක කිහිපයේ මම සාහිත්‍යට මුල්තැන දීලා වැඩකරන්න ඉඩ කඩ ලැබුණා.

ඔබ ව්‍යාපාරයක් ලෙස පොත් ප්‍රකාශන ආයතනයක් පවත්වාගෙන යනවා. පොත් මුද්‍රණ කර්මාන්තය සඳහා රජයේ යම් සහනයක් ලැබෙන්න අවශ්‍යයි නේද?

කිසිම රජයකින් කිසිම සහනයක් දීලා නෑ. සාහිත්‍යට රජයෙන් යම් මැදිහත්වීමක් විය යුතුයි. හැමදාම කඩදාසි මිල අහස උසට ඉහළ යනවා. මේ විදියට ගියොත් ඉදිරියෙදි පොත් පත් ප්‍රකාශනය කිරීමත් ගැටලුවක් වෙනවා.