සංවාදය
පවිත‍්‍රා බෝපැත්ත

 

“දැකලා පුරුදු කෙනෙක් ” මෙම චිත්‍රපටියෙන් කියවෙන සමාජ කතාව කුමක්ද මෙම චිත්‍රපටිය නිර්මාණය උනේ කොහොමද වැඩිහිටියන්ට පමණක් සීමා උනත් මෙයින් සමාජය ට යම් පණිවිඩයක් දෙන චිත්‍රපටියක් ද ඉතින් මේ පිලිබඳ කතා කරන්න අද අපිත් සම්බන්ධ වෙනවා මෙහි අධ්‍යක්ෂක මලිත් හෑගොඩ මහතා.

 

ඉතින් මුලින්ම දැනගන්න කැමති ඔබ කලාවට පිවිසුනේ කොහොමද කියලා ?

මම චිත්‍රපටි කරන්න එළඹෙන්නේ ….අ..මම චිත්‍රපටි බලලා තියනවා පොඩි කාලේ ඉදලාම. තාත්තා මාව චිත්‍රපටි උළෙලවල් වලට එක්කගෙන ගිහින් තියනවා ඒ ආශ්‍රයෙන් මට පොඩි නැඹුරුවක් තිබුනා ඊට පස්සෙ මම ඉස්කෝලේ යන කාලේ මගේ මිතුරෙක් කවුරුත් නෙමෙයි මෙහි තිර රචනය කර භූපති වික්‍රම ගේ මොහු අදුර ගත්තා.  පස්සෙ අපි දෙන්නා චිත්‍රපටි උළෙලවල් වලට ගියා. සoකෘතික මධ්‍යස්ථාන වල තියන දර්ශන වලට සහභාගි වුණා. ඒ සාකච්ඡා වලට සහභාගි වුණා.  ඒ ඔස්සේ තමයි මම සිනමාවට සම්බන්ධ වෙන්නෙ. මම කැමති චිත්‍රපටයක් තමයි පොඩි කාලේ ජිරාසික් පාක්. එතකොට මම පොඩියි. මම හිතෙන්නේ 6 වසර වගේ. පෝලිමේ ගොඩක් වෙලා ඉන්න වුණා. මොකද ලොකු පෝළිමක් තිබුනා. බලන්න ගොඩක් අය ආවා. ඒකට ලැබුන ප්‍රසිද්ධියත් එක්ක ඒ ලබපු අද්දෑකීම් එක්ක ඒකාලේ ඉදන්ම පොඩි ආසාවක් ඇති වුණා චිත්‍රපටි කරන්න. තව දෙයක් තමයි රුසියානු සoකෘතික මධ්‍යස්ථානයේ ඔවුන්ගේ සිනමා උළෙලවල් තබුනා, එහිදී පෙන්නුවා the apple කියලා චිත්‍රපටයක්  මේක සමීරා මක් මාල් බාහ් කියන ඉරාන අධ්‍යක්ෂක වරියගේ චිත්‍රපටයක්. පස්සේ මට හිතුන දෙයක් තමයි ජිරාසික් පාක් වගේ ප්‍රධාන පෙලේ වාණිජ චිත්‍රපටි බලලා the apple චිත්‍රපටියකින් ජීවිතේ දිහා සරලව බලන්න පුළුවන් කියන එක. ඇත්තටම මේ තුළින් ජීවිතේ දිහා සරලව බලන්න පෙළඹුවා. ඒකට සිත ඇදිලා ගියා. මේ චිත්‍රපටිය බලලා මට හිතුනා මේව ගේ රූප භාවිතා කරන්න පුළුවන් ද කියන කාරණේ . ඉතින් ඒක තමයි මගේ චිත්‍රපටි වලට තියන ඇල්ම තවත් වැඩි වෙන්න පටන් ගත්ත ස්ථානය. මට මොන යම් හෝ ප්‍රකාශනයක් කරනවානම් මේක හොද මාධ්‍යයක් . මේ මාධ්‍යයට මම කැමති කියලා දැනෙන්න හේතුවත් ඔක තමයි.

 

මම කැමති චිත්‍රපටයක් තමයි පොඩි කාලේ ජිරාසික් පාක්. එතකොට මම පොඩියි. මම හිතෙන්නේ 6 වසර වගේ. පෝලිමේ ගොඩක් වෙලා ඉන්න වුණා. මොකද ලොකු පෝළිමක් තිබුනා. බලන්න ගොඩක් අය ආවා.


ඔබේ පියා චායා රූප ශිල්පියෙක් ඔහු තුළින් ලබපු ආභාසය සහ අද්දෑකීම් ඔබේ සිනමා නිර්මාණය සදහා හේතු වුණාද ?

ඇත්තටම මම චායා රූප කරනයට නැඹුරු තාවයක් දැක්වුවේ නෑ. තාත්තා චායා රූප ශිල්පියෙක් වුණාට, සහ චායා ශිල්පී ගුරුවරයෙක් වුණාට මම ඒ දේවල් වලට සම්බන්ධ උනේ නෑ… අ…නාට්‍ය දෙකකට වගේ පින්තූර අරගෙන තියනවා..ප්‍රචාරක කටයුතු සදහා. ඒ ඇරුන කොට චායා රූප කරනයේ මොනම විදිහකටවත් යෙදිලා නෑ.  ඔබ කිව්වා වගේ ඉතින් පැහැදිලිවම ආභාශයක් ඇති ගෙදර දොරේ හැම තිස්සෙම කතා බහ ඇහෙන්නේ ඔය පිලිබඳව. ඒ වගේම පොත් පත් ආශ්‍රය කරපු නිසාත්. නමුත් මම විෂයක් විදියට ඉගෙනගෙන නෑ. පොත් පත් පරිශීලනය කරලා ලබා ගත්ත දැනුමක් තියනවා. කොහොමත් සිනමාකරනය සහ චායා රූප කරනය කියලා කියන්නේ එකකට එකක් වෙනස්. එතෙන්දි දෙයක් ගැටෙනකොට යම් අර්ථක් එකතු වෙනවා. චායා රූප ශිල්පය වගේ නිශ්චල නෑ. ඒකේ ශබ්ද තියනවා. එඩිට් කරන්න පුළුවන් රූප රාමු තියනවා. ඒ රූප රාමු ඇතුලේ නළු නිළියෝ හැසිරෙනවා. ඉතින් චිත්‍රපටි නිර්මාණ කරණයේදී නැත්තන් සිනමා කරණයේදී තාත්තාගෙන් ලැබුන ආභාසය ටිකයි කියලා තමයි මම හිතන්නේ. නමුත් ඔහු චායා රූප කරණය සදහා බල කරේ නෑ. කැමති දෙයක් කරන්න අවස්ථාව දීලා තිබුනා.

 මම පාසැල් ගියේ කොළඹ අශෝක විද්‍යාලයට මුලින්ම අ.පො.ස (සා.පෙ) කරනකම් පස්සේ මාස කීපයකට ආනන්ද විද්‍යාලය ට ගියා. පාසලේදී ඔය පොඩි පොඩි නාට්‍ය වලට සම්බන්ධ වෙලා තියනවා.  ඇරුනාම පාසලේ කලා කටයුතු සදහා සම්බන්ධ වෙලා නෑ. නමුත් චිත්‍රපටයක් කරන්න ඕන කියන ආසාව තිබුනා. මේ චිත්‍රපටිය කෙරුවට පස්සේ මගේ පාසැල් ඔයා ඒකාලේ ඉදලා කිය කිය හිටිය දෙයක් නේ කියන කාරණේ. නමුත් ඉස්කෝලේ දී ඒ කාලේ දී ලොකු නැඹුරුවක් තිබුනේ නෑ. ආසාව තිබුනත් ඉස්කෝලෙන් out වෙලා අවුරුදු තුන හතරක් ගිහාම තමයි මගේ කෙටි චිත්‍රපටිය නිර්මාණය කිරීමේ උත්සහය මම දරන්නේ. එතනිනුත් අවුරුදු 6ක්7ක් ගියාට පස්සෙ තමයි දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටිය රූගත කරන්නේ.

මේ චිත්‍රපටිය කරලා ප්‍රදර්ශනය කිරීමට කාලයක් බලන් ඉන්න සිද්ද උනා මේ ගැන ඔබට කියන්න දෙයක් තියනවා ද?   
ඔව් මේ චිත්‍රපටිය රූ ගත කරේ 2013 අවුරුද්දේ. 2014 මේකේ ලෝක මoගල දැක්ම ඇරඹුනා කැනඩාවේ මොන්ට්‍රියල් නුවර. මොන්ට්‍රියල් ලෝක සිනමා උළෙලේ. ඊට පස්සේ අපි අන්තර් ජාතික මට්ටමේන් චිත්‍රපටි කීපයකට ම සහභාගි වුණා. ලoකාවේත් චිත්‍රපටි කීපයකට සම්මාන හම්බ වුණා. නමුත් අවුරුදු පහකට ආසන්න කාලයක් මේක පෙන්වීමට හැකියාවක් තිබුනේ නෑ. පැහැදිලිවම අපි පෝළිමක හිටියා. ඊට පස්සේ ආව වෙන වෙන චිත්‍රපටි, වාණිජ චිත්‍රපටි පෙන්නුවා. අපි දිගටම හිටියා.   නමුත් පෙන්නන්න අවස්ථාවක් හම්බ උනේ නෑ. එත් මම උත්සහා කරේ ප්‍රධාන මුදා හැරීමට, නමුත් ඒක හම්බ උනේ නෑ. ඉතින් අපි මේ හැමදේම ඉවසලා හිටියා. මොකද චිත්‍රපටික් කරලා නොපෙන්වා ඉන්නවා ට වඩා හොදයි පෙන්වීමට උත්සහා දරන එක. මේ සම්බන්ධව ප්‍රධාන ගැටළු කීපයක් තිබුනා. මොකද දැන් චිත්‍රපටි පෙන්වීම සහ නොපෙන්වීම පිලිබඳ තීරණ ගන්නේ මණ්ඩල සහ මණ්ඩල වල තියන වෙළෙඳ තර්කනයන්ට අනුකූලව. ඔවුන් පූර්ණ විනිශ්චය දෙනවා මේ චිත්‍රපටිය දුවයි හෝ මේ චිත්‍රපටිය දුවන්නේ නෑ කියලා. ඒ අර්ථයෙන් වාණිජ චිත්‍රපටි වලට ප්‍රධාන තැන හම්බ වෙනවා සහ කලාත්මක චිත්‍රපටි ඔවුන් හෙමීට බැහැර කරනවා. ඉතා කුඩා කාලයක් තමා ලබා දෙන්නේ. උදාහරණයක් විදියට මගේ චිත්‍රපටිය ට හම්බවෙලා තියන්නේ දර්ශන වාරය උදේ වරුව සහ හවස් වරුව. රාත්‍රි දර්ශන වාරය හම්බ උනේ නෑ. එකම දර්ශනයක් හම්බ වුණා මැජෙක් සිටි එකේ.   ඒ වගේම ලිබර්ටි ලයිට් එකේ එතෙන්දි ලිබර්ටි ලයිට් මණ්ඩල හිමියා අරුණ ජයසුන්දර ඔහු මට කතා කරලා රාත්‍රි 7 දර්ශනය අරගෙන දුන්නා. මේකට ප්‍රධාන හේතුව ලoකාවේ චිත්‍රපටි ක්ෂෙත්‍රයේ මොනයම් වත් නියාමනයක් නෑ. මම කියන්නේ බෙදා හැරීම හෝ නිෂ්පාදනය පමණක් නෙමෙයි මේ චිත්‍රපටි ක්ෂේත්‍රයට අදාල කිසිම දෙයක් නියාමනය වෙලා නෑ. පෙන්වන අනු පිළිවෙළක් නෑ.
එතකොට පෙන්නන අවම දින ගානක් හෝ මේක නාමිකව තියනවා. පොත් පත් වල තියනවා. මෙච්චර කල් තියෙන්න ඕන මෙච්චර අගයක් තිබුනේ නැත්තන් මේක අයින් කරන්න ඕන නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ.
මණ්ඩල වල තියන තර්කනයන්ට අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ස්වරූපයක් නිසා තරුණ සිනමා කරුවන් ගොඩක් දෙනෙක් අපහසුතාවය ට පත් වෙනවා. එහෙම වුණ ප්‍රථම පුද්ගලයා මම නෙමෙයි. ප්‍රථම චිත්‍රපටිය මම රූගත කරපු කාලයේදිම 2013-14 පෝලිමේ ඉන්න අධ්‍යක්ෂවරු ඉන්නවා. මාලක දේවප්‍රිය (බහුචිත වාදය ) ප්‍රියන්ත කළු ආරච්චි (රතු සමනනල හීනයක්) උදාර අබේසුන්දර (සෙවනැලි ) ඒවගේ චිත්‍රපටි තියනවා. නිෂ්පාදනය වෙලා තිරගත කරන්න අවස්ථාවක් නැතිව. මේ නියාමනයක් නැති කම නිසා විවිඩ හේතූන් මත මේවා ප්‍රමාද වෙලා තියනවා. ඒකෙන් තරුණ අධ්‍යක්ෂවරුන් ට තමන්ගේ චිත්‍රපටි පෙන්නන්න තියන අවස්ථාව තමන්ට ක්ෂේත්‍රයට එන්න තියන අවස්ථාව සහ ඔවුන්ට නැවත චිත්‍රපටයක් කරන්න තියන අවස්ථාව තමයි නැති වෙන්නේ.

මණ්ඩල වල තියන තර්කනයන්ට අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ස්වරූපයක් නිසා තරුණ සිනමා කරුවන් ගොඩක් දෙනෙක් අපහසුතාවය ට පත් වෙනවා. එහෙම වුණ ප්‍රථම පුද්ගලයා මම නෙමෙයි.

මම දැන ගන්න කැමතියි ලිoගික දර්ශනයක් මොන පදනම යටතේද නුසුදුසුයි කියලා තීරණය කරන්නේ.
පළවෙනි දේ තමයි මේක අපි පෙන්නන්නේ වැඩිහිටියන් ට. අනික මම හිතෙන්නේ නෑ ලිoගික දර්ශනයක් දැක්කා කියලා මිනිස්සු නරක් වෙනවා. සදාචාරය උල්ලංඝනය වෙනවා කියලා. මොකද මිනිස්සු ඇත්ත ජීවිතේ ඊට වඩා නරක වැඩ ඕන තරම් කරනවා. එහෙම චිත්‍රපටයක් බලලා වෙඩි තියා ගන්නවා හෝ කාමාතුරයෙක් වෙනවා කියන එක එහෙම වෙනවානම්, ඒක ඉතා බාලාංශ චින්තනයක්. සිනමාව කියන්නේ ගොඩක් දියුණු කර්මාන්තයක්
මගේ තිර පිටපත්‍ රචකයා භූපති පාවිච්චි කරන හොද උදාහරණයක් තියවා. මම කියන්නම් ඒක .ඉතා හොද උදාහරණයක්. ඉන්දියාවේ පෙන්වන්නේ ඉතාම සුන්දරව ආදරේ කරන ගස් වටේ දුව දුව කතා කරන, රූප රාමු නේ. නමුත් ඉන්දියාවේ විනාඩියකට කොච්චර අපචාර සිද්ද වෙනවාද? නමුත් ඔවුන්ගේ සිනමාව තුළ ඒ වෙන අපරාධ වල සේයාවක් වත් නෑ. නමුත් ඔවුන් ගේ සිනමාව තියන්නේ ඉතාම සුන්දර ලස්සන විදියට ලස්සන යුවළක් ඉන්නවා. ඔවුන් සින්දු කියනවා ආදරේ කරනවා. ඔවුන් පොඩ්ඩක් තරහා වෙනවා ආයෙත් ආදරේ කරනවා. වගේ දර්ශන තියන චිත්‍රපටි. නමුත් ඔවුන්ගේ සමාජය තුළ මේ සුන්දරත්වය තියනවාද කියන එක ගැටළුවක්. ඉතින් මම හිතන්නේ නෑ ලිoගික දර්ශන දැක්කා කියලා මිනිස්සු නරක් වෙන්න තරම් ප්‍රාථමිකයි කියලා. එහෙම වෙනවානම් ඒක ඔහුගේ හෝ ඇයගේ ගැටළුවක්. මේ ප්‍රකාශයට මම පැහැදිලිවම විරුද්ධයි. සහ මෙක ඉතා නිදහසේ කරන්න තියන ප්‍රකාශයක්. සමහර චිත්‍රපටි තියෙන්න පුළුවන් මේ දේ වානිජ අරමුනෙන් කරන ඒ සම්බන්ධයෙන් මට ප්‍රකාශයක් නිකුත් කරන්න බෑ .මගේ චිත්‍රපටියේ මේ දේ තියන්නේ චරිතයන් ගේ ස්භාවයන් සහ ඒ චරිත ඒ අවස්ථාවේ ඔවුන් යන සoවේදී ගමන අනුව. ඔවුන් ගේ ජීවිතේ එක කොටස් ඒ විස්තර කරලා තියන්නේ.

මම හිතන්නේ නෑ ලිoගික දර්ශන දැක්කා කියලා මිනිස්සු නරක් වෙන්න තරම් ප්‍රාථමිකයි කියලා. එහෙම වෙනවානම් ඒක ඔහුගේ හෝ ඇයගේ ගැටළුවක්. මේ ප්‍රකාශයට මම පැහැදිලිවම විරුද්ධයි.

ඔබ අහසයි පොළොවයි වගේ කියන්නේ වාණිජ චිත්‍රපටි ගැන වෙන්න ඕන. එහෙම ගත්තහම අපිට ලොකු ශක්‍යතාවයක් නෑ  ලොකු ආයෝජකයන් නෑ . ඒවගේම තමයි ලoකාවේ එහෙම බලන්න සහ ආයෝජනය කරන්න තියන ඔළුගෙඩි ගානත් සීමිතයි. මිනිස්සු සිනමාවෙන් පොඩ්ඩක් ඈතයි. ඒ අර්ථයෙන් ගත්තහම නමුත් අපි කලාත්මක චිත්‍රපටි අතින් ගත්තහම ලoකාවේ හොද චිත්‍රපටි නිර්මාණය වෙලා තියනවා. සිනමා උළෙලවල් වලට ගිහින් ඒවා ජයග්‍රහණය කරලා තියනවා. හේතු ගොඩක් තියනවා. ඔබ තුමිය කියන ඔය වාණිජ චිත්‍රපටි කරනකොට ලoකාව ඇතුලේ ඒ මුදල පියවැ ගැනීමේ හැකියාව තියනවාද කියන කාරණාව ගැන හිතනකොට නිෂ්පාදන දායකත්වය ට පොඩි පැකිලීමක් තියනවා. අපි දන්නවා මෑත ඉතිහාසයේ රජ කතා රැල්ලක් ආවා. සහ ඒවාට විශාල වියදමක් දරපු චිත්‍රපටි. මම දන්න තරමින් චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා ‘රෂ්’ තමයි ඔහුගේ චිත්‍රපටිය ඒකත් සැලකියයුතු මුදලක් වියදම් කරලා කරන චිත්‍රපටයක්. එහෙම ප්‍රශ්ණෙ තියන්නේ මේවා පෙන්නලා කොහොමද මුදල් නැවත සොයා ගන්නේ කියන එක. ප්‍රේක්ෂකයා ට මේවා ආකර්ශනය වෙන විදිහට ගෙනියන්නේ කොහොමද කියන කාරණාව මම හිතෙන්නේ. ඒ අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු මණ්ඩල එක්ක එකතු වෙලා විසද ගන්න ඕන දෙයක් එහෙම කරොත් හොද නිර්මාණ බිහි වෙන්න තියන ඉඩ ප්‍රස්ථාව වැඩියි.
ඉදිරියේ තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවද?
අනිවාර්යයෙන් ඔව් .මමත් භූපතිත් හරි ආසාවෙන් ඉන්නවා තව නිර්මාණ කරන්න. මේ දවස්වල අපි දෙන්නා අවුරුදු තුන හතරකට කලින් පටන් ගත්ත වාර්ථා චිත්‍රපටියේ පසු නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. ඒ අතර තුරේ තමයි මේ දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටියේ මුදාහැරීමේ කටයුතු සිද්ද උනේ මේක ලoකාවේ දෙමළ සිනමාව සහ එහි විකාශනය පිලිබඳ කරන චිත්‍රපටයක් මේ චිත්‍රපටියත් අපි ඉක්මන්ටම අවසන් කරලා ප්‍රදර්ශනය ට බලා පොරොත්තු වෙනවා. ඒ වගේම වෘතාන්ත චිත්‍රපටයක් හදන්න බලාපොරොත්තුවෙනුත් ඉන්නවා.