සම්මානනිය සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් තිරරචනාකොට නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ අකෝඩිං ටු මැතිව් සිනමා කෘතිය  මෙම මස අගදී තිරයට පැමිණීමට නියමිතය. CEL මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදීය.

මෙරට මහත් වූ ආන්දෝලනයක් ඇතිකළ මැතිව් පීරිස් පියතුමාගේ ජීවිත කතාව පාදකකරගනිමින් නිර්මාණය වූ අකෝඩිං ටු මැතිව් සිනමාපටය ලංකාවේ නෑකම් කියන ජාත්‍යන්තරයේ  ජනප්‍රිය තරු යුවළක් වන ඇල්ස්ටන් කොච් සහ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්  ප්‍රධාන චරිත මැවීම මෙම සිනමා පටයේ විශේෂත්වයකි.