Jackson Anthony /ජැක්සන් ඇන්තනී

Actor

Biography

ජැක්සන් ඇන්තනී

කොන්ගනිගේ ජෝශප් මැල්සි ජැක්සන් ඇන්තනී නම් වූ ශ්‍රී ලාංකීය කලාකරුවා, සිනමාවේ සම්මානනීය  දක්ෂතා රැසකින් යත් පරිපූර්ණ ශිල්පියෙකි.  ලාංකීය කලාකෙත අස්වද්දන්නට ඔහු අතින් බිහි වු නිර්මාණ සුවිශේෂි දායකත්වයක් සපයා තිබේ.

කොන්ගනිගේ බෙනඩික් ඇන්තනි ට දාව රොලීන් පෙරේරා මාතාවට 1958 ජූලි 8 වන දා ජැක්සන් ඇන්තනී මෙලොව එළිය දකී. සේනක, ටයිටස් , සුදත් , සමන් ඇන්තනි ඔහුගේ සහෝදරයෝය.
ජැක්සන් ඇන්තනී ඔහුගේ සහකාරිය ලෙස කුමාරි මුණසිංහ සමග විවාහ වී සිටින අතර ඇය නිළියක් මෙන්ම ගායිකාවක්ද වේ.  ඔවුනට එක් දියණියක් ද පුතුනුවන් දෙදෙනෙකු සිටියි .නමින් මාධවි වත්සලා අකිල ධනුද්ධර හා සජිත අනුත්තරයි- ඔහුගේ දරුවන් තිදෙනාම කාලාවේ නියැලි සිටියි.
ජැක්සන් ඇන්තනී ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය හපුගොඩ ප්‍රාථමික විදුහල හා බණ්ඩාරවෙල ශාන්ත මේරි විදුහලනුත් පසුව ගලහිටියාව ජාතික පාසලෙන් අධ්‍යාපනය හදාරා 1985දී කොළඔ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරි පශ්චාත් උපාධිය ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තාය.
වේදීකාවෙන් රංගනය ආරම්භ කල ඔහු මර්සඞ් මදුර ජවනිකා ලෝම හංස ධවල භීෂණ ආදී රංගනයට දායක වි ඇත- 1993 චිත්‍රපට රංගනයට පිවිසියේ ගරුගෙදර සුනන්දගේ චරිතයට පණපොවමිනුයි- ඔහුගේ රංගනයන් ප්‍රකට වන චිත්‍රපට අතරින් බව දුක බව කර්ම ගිනි අවි සහ ගිනි කෙලි අස්වැසුම අග්නි දාහය ඉන් කිහිපයකි ඔහුගේ රංගක කෞශල්්‍ය ඉතාම ආකර්ශනීයයි- එසේම ඔහු ටෙලි නාට්‍ය ක්ෂේ්‍රත්‍රයේද රගපෑමින් දායක වී ඇත.
රගපෑමට අමතරව ජැක්සන් ඇන්තනී නම් ප්‍රකට කලාකරුවා ස්වර්ණවාහිනි ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කළාය.   මීට අමතරව කොළඔ විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකු ලෙසත් සහකාර පුස්තකාලපතිවරයෙක් ලෙසත් ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙසත් කටයුතු කරඇත.   වර්ථමානයේ ඔහුගේම නිෂ්පාදන ආයනයක් වන ක්‍රියෙටිව් හෙලන්කා ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් නිර්මාණ කටයුතු නිෂ්පාදනය කරයි.

ජැක්සන් ඇන්තනී චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයෙන්ද ප්‍රකට නමක් දිනා ඇත- ඒ අතරින් ජුලියට්ගේ භූමිකාව අබා ඇඞ්රස් නෑ චිත්‍රපටද ඇසල ක`එවර දස්කොන් සී රජ වැනි ටෙලිනාට්‍යද අධ්‍යක්ෂණ කර ඇත-
ඔහුගේ විශිෂ්ඨ වු හැකියාවන් සදහා මෙරටදී ඔහු ලද සම්මාන රැසකි- එයින් වේදීකාවෙන් හොදම න`ඵවා සම්මානය මරසාද් වෙදීකා නාට්‍ය සදහාත් ටෙලිනාට්‍ය තුලින් විජය රූපවාහින් සම්මානය උන්ඩා සම්මානය සුමති සම්මානය රයිගම් සම්මානයන් හොදම න`ඵවා සම්මානයෙන් පිදුම් ලබා ඇත- එලෙසින් ම සිනමාව සදහා ඔසිඅසි සම්මානය සරසවි සම්මානය ජනාධිපති සම්මානය සග්නීස් සම්මානය දෙරන සම්මානයන් හොදම න`ඵවා සම්මානයෙන් පිදුම් ලබා ඇත.
මීට අමතරව ඔහු නිවේදකයෙකු මෙන්ම ලේඛකයෙකු ලෙසද සිය දක්ෂතා මනාව ඉදරිපත් කර ඇත- ජැක්සන් ඇන්තනී නම් කලාකරුවා චිත්‍ර ශිල්පයටද අති දක්ෂයෙකු බවත් මුල් කාලයේ පුවත් පත් වලට චිත්‍ර කතා නිර්මාණය කළ බවත් වර්තමාන සමාජයේ අප්‍රකට කාරණාවකී

Filmography

Trailers & Videos

trailers
x

Rookada Panchi-රූකඩ පැංචි

Actor

Vishama Bhaga The Other Half Official Sinhala Trailer HD විෂම භාග

UDUMBARA Movie | Official Trailer | MEntertainments

Gharasarapa(2018)/ඝරසරප - Official Trailer (ULTRA HD) | Directed by Jayantha Chandrasiri

x