Paangshu/ පාංශු (2020)

Drama | 85 minus
Rating: /10

Movie Info

Movie Story

ඉතා ආදරයෙන් ලොකු මහත් කළ දරුවෙකු හදිසියේම සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන ගියහොත් ඒ දරුවාගේ මව කුමක් කරනු ඇත්ද? 1980 අග බාගයේදී අප රටේ එවැනි පැහැර ගැනීම් දහස් ගනනක් සිදු විය. පාංශු චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන්නේ එසේ අතුරුදහන් වූ පුතෙකු සොයා වසර හයක් පුරා සටන් කරන දිරිමත් අම්මා කෙනෙකුගේ කථාවකි.

පාංශු කථා සාරාංශය 

දුෂ්කර ගමක රෙදි නැන්දා කෙනෙකු වන බබානෝනා මහේස්ත්‍රාත් උසාවියට කැඳවනු ලද අවස්ථවේ 1989 භීෂණ සමයේ තම පුතුව පැහැර ගෙන ගිය සන්නද්ධ කල්ලියේ සාමාජිකයෙකු වන ලයනල්ව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී පෙන්වයි. තරුණ රජයේ නීතිඥ වරයා වන ඉන්දික බබානෝනාගේ නැතිවූ පුතුව සොයා දීමට කිසිඳු උවමනාවක් නොපෙන්වද්දී, වරදට හසුවූ ලයනල්ගේ ගැබ්බර බිරිඳ බබානෝනාගෙන් සමාවක් අපේක්ෂා කරයි. ගරා වැටුන උසාවි මැදිරියේ ඇසෙන නඩුව මාස ගනනින් දිග් ගැස්සෙද්දී විජයග්‍රහී රණ විරුවන් මෙන්ම පරාජිත කැරලි කරුවන්ද, ඒ දෙපර්ශවය අතර සිර වූ අනෙකුන්ද සෙමින් කෙමින් මෙතෙක් කල් වැළලී තිබූ ලජ්ජා සහගත රහස් එකින් එක මතු කර ගනියි.

සිනමා විචාර

“මේක විශිෂ්ඨ චිත්‍රපටයක්!.. අපිට මනුෂ්‍ය ජීවිතය පිලිබඳ විවිද වර්ණයන්, විවිද හැඩතලයන් මේ චිත්‍රපටය හරහා ඉදිරිපත් කරනවා… මනුෂ්‍යත්වයට කරන්න පුළුවන් කැපකිරීම.. ඇති විශිෂ්ඨ විදිහට පෙන්නලා දීලා තිබෙනවා..” – සංජීව පුෂ්පකුමාර

 

“නීටා ප්‍රනාන්දුගේ දිගු කාලීන රංග දිවියෙහි උපරිමය ‘පාංශු’ චිත්‍රපටයේ රඟපෑම යැයි මට හිතෙනවා” – සුලෝචන වික්‍රමසිංහ

 

“මෙය එඩිතර වැඩක්. මේ සමාජයේ කවුරුත් නැරඹිය යුතු චිත්‍රපටයක්. නීටා ප්‍රනාන්දුගේ ජීවිතයේ ඉහළම රංගනය ඇත්තේ මේ චිත්‍රපටයේ බවයි මගේ අදහස.” – ජයතිලක කම්මැලවීර

 

“‘පාංශු’ තුළ වඩාත් අවධානයට ලක්වන පැති අතර විශිෂ්ට කැමරාකරණය, සංස්කරණයේ ඉසියුම්බව වගේම සංගීතයේ අපූර්වත්වයද අපූරුයි.” – ජනක ඉනිමංකඩ

 

“මෑතකදී මට නරඹන්නට ලැබුන සිංහල චිත්‍රපට අතුරින් විශිෂ්ට නිර්මාණයක් නම් කරන ලෙස යමෙකු මගෙන් ඉල්ලා සිටියහොත් මම කිසිඳු සැකයකින් තොරව විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘පාංශු’ ගැන කියමි. ඒ මන්ද? ඇතැම් විට අප සමාජයක් ලෙස අමතක කර දමන්නට ආශා කරන වේදනාකාරී අතීතයක් අතිශය තියුණු සහ ප්‍රචණ්ඩ ලෙස අපගේම සමාජ හෘදය සාක්ෂිය ඉදිරියට කැඳවන්නට ‘පාංශු’ සමත්වන බැවින්ය. – සුමිත් චාමින්ද

Trailers & Videos

trailers
x

PAANGSHU Movie | පාංශු | Official Trailer

Drama

x