Superna/සුපර්ණා. (2020)

Historical film | 97 minutes
Rating: /10

Movie Info

Movie Story

සපුර්ණා කථා සාරාංශය :-

මෙය ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ගමක සිදුවන සදුි වීම් පෙළකි. ගමේ එක්තරා ප්‍රදේශයක විදේශිකයන් විසින් පවත්වාගෙන යන පාරිසරික පර්යෙෂ්ණ ආයතනයක් තිබේ. මෙහි රසායනාගාරයේ සේවය කරන රවීන් එහි සිදුවන්නට යන්නා වූ පර්යේෂණයක් ගැන ඔහුගේ මිතුරන් වන ඉන්ද්‍රජිත්ට හා සුපර්ණාට දැනුම් දෙයි. ඒ සමග හෙට දිනයේ ගමේ වැවට වෛරස් එකක් මුදාහරින බවත් එය අවදානම් තත්ත්වයක් බවත් දැනගත් සපුර්ණා හා ඉන්ද්‍රජිත් රවීන් සමග පර්යෙෂ් ණාගාරයට වැද වෛරසය සොරා ගනන් ට තීරණය කරයි.

ඔවුන් එදින සවස පර්යේෂණාගාරයෙන් වෛරසය සොරාගන්නා අතර, ඉන් ඉවතට පැනයන අතරදී ආරක්ෂකයින්ගේ වෙඩි පහරට ලක්ව රවීන් මියයයි. ඉන් අනතුරුව සුපර්ණා හා ඉන්ද්‍රජිත් සොයමින් ගම පුරා යන පාරිසරික පර්යේෂණ ආයතනයේ ආරක්ෂකයින්ගේ සහායට පොලීසයි ද එකතු වේ.

මේ අතර ගමට සෙත් ශාන්තියක් කරමින් දකුණු ප්‍රදේශයට ආවේණික වූ පහතරට නැටුම් සම්ප්‍රදායේ එන ශාන්තිකර්මයක් ඉන්ද්‍රජිත්ගේ නිවසේ සිදුවෙමින් තිබේ.

සැඟවී සිටිනා සුපර්ණාට කිසයිම් අමුත්තෙකු හරහා ඇගේ සම්භවය පිළිබඳ රහස දැන ගැනීම ට ලැබෙන අතර, ඇගේ පියා භීම නමැති ග්‍රහලෝකයේ වැසියෙක් බවත්, ඈ කුඩා කල අතුරුදහන් ව ූඇගේ පියා ඇය එනතෙක් භීමයේ බලා සිටිනා බවත් ඇයට දැන ගැනීමට ලැබේ.

ලාංකීය මහපොළොවේ සැබෑ ඉතිහාසය පිළිබඳවත්, පරිසර හිතකාමී මනෂු්‍ය කොට්ඨාශයක් වු ඔවුන්ගේ සංස්කෘතික අංග පිළිබඳවත් පැය 48 ක් ඇතුළත සිදු වන කුතුහලය දනවන සිද්ධි දාමයක් සමග සුපර්ණා දිගහැරේ.

Trailers & Videos

trailers
x

Superna /සුපර්ණා Trailer

Historical film

x