Tsunami/සුනාමි (2020)

Art Movie | 90 minute
Rating: /10

Movie Story

කතා සාරාංශය

සෙල්වම් හා කල්‍යානි මඩකලපු ප‍්‍රදේශයේ කරවල වේලීම, රැුකියාව කරගත් දෙමළ ජාතික යුවලකි. 2004 සුනාමිය අසුවන ඔවුන් දිවි ගලවා ගන්නා නමුත් ඔවුන්ගේ වයස අවුරුදු 2 1/2 ක් පමණ වූ දියණිය නැතිවේ. ඇය සොයා ඔවුන් අපමන වෙහෙසක් ගත් නමුත් දියණිය හමු නොවේ.
දස වසරකට පසු පුවත් පතක ‘‘පෙර ආත්මයේ දෙමළ කතා කරන සිංහල දැරිය’’ නමින් පළවන ලිපියක් දකින ඔවුන් ඇය සොයා යයි. ඇය තම දියණිය බව විශ්වාස කරන ඔවුන් ඇය ඉල්ලා නඩු මගට බසී.
අධිකරණයේ දී එළිවන තොරතුරු අනුව සුනාමියේදී සම වයසේ දියණයික් නැතිවුන තවත් සිංහල පවුලක් ඇය තමාගේ දියණිය යැයි සිතා හදාවඩාගෙන ඇත. එහි දියණිය හැදෙන්නේ සිංහල දැරියක් ලෙසය.
නඩු විභාගයේ දී විනිසුරු තේරුම් ගන්නේ දෙපාර්ශවයේම දෙමාපියන් දැරියට දැඩිව ආදරය කරන බව සහ දැරිය ද දෙපාර්ශවයටම ආදරය කරන බවත්ය. DNA පරීක්‍ෂණ වලින් දෙමල දෙමාපියන් ඇයගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් බව සනාථ වන නිසා දියණිය ඔවුනට බාර දෙයි.
කුඩා කල සිට හැදුන වැඩුන සිංහල දෙමාපියන්ගේ ඇසුර අහිමි වීම නිසා දියණිය මානසික වියවුලක සිටින වග තේරුම් ගන්න දෙමළ දෙමාපියන් දියණිය පවුල් දෙකටම හිමි දියණියක් ලෙස හදා වඩා ගැනීමට එකඟ වෙයි.

Trailers & Videos

trailers
x

Tsunami Sinhala Move Trailer

Art Movie

x