U Turn/ යු ටර්න් (2019)

thriller movie | 90 minute
Rating: /10

Movie Story

යු ටර්න්  කතා සාරංශය

සම්ප්‍රදායික ජීවන රාමුවක කොටු නොවූ රවීනා සුරූපී යෞවනියකි. ඇය වෘත්තියක් ලෙස මාධ්‍යකරණය තෝරා ගත්තේ ද එහෙයිනි. කන්ද උඩරට උපන්නියක වූ රවීනා නිවසක් කුළියට ගෙන කොළඹ වාසය කරන්නේ රැකියාවේ පහසුව තකාය. ඇගේ තනිකඩ ජීවිතය වෘත්තීය කටයුතු වඩාත් පහසු කරලීය. ගවේෂණයේ යෙදෙමින් කරුණු එක්කාසු කොට විශේෂාංග රචනා කිරීමට රවීනා මහත් ප්‍රියතාවයක් දක්වන්නීය. එහෙත් එසේ ප්‍රවිෂ්ටවීමට අපේක්ෂා කරනා ඊළඟ කාරණය තම ජීවිතය උඩු යටිකුරු කරන වග ඇය නොදත්තීය. සහස්පුර ගුවන් පාලම මැද ගලින් ගල තබා මන්තීරු වෙන් කොට තිබේ. මේවා එහා මෙහා කොට පාලම මැද නීති විරෝධී අන්දමින් යූ ටර්න් ගසන යතුරු පැදිකරුවෝ සුලබය. ගල්වැටිය ඉවර වන තෙක් කිලෝ මීටර් කිහිපයක් ගොස් ආපසු හැරී ඒමට මැලිකමක් දක්වන්නෝ මෙලෙස පාලම මධ්‍යයේ ඇති ගල් අතින් තල්ලු කොට ඉඩක් සාදා යූ ටර්න් ගසනු ලබයි. රවීනා කලක් තිස්සේ මේ ක්‍රියා කලාපය දෙස විමසිල්ලෙන් බලා සිටියාය. මේ පිළිබඳ පුවත්පත් ලිපියක් සැකසීමට ඇය අදිටන් කර ගත්තාය. පාලමේ යූ ටර්න් ගසන්නන්ගේ යතුරු පැදිවල අංකය ලියාදීමට අසල සිටිනා යාචකයෙක් රවීනාට උදවු කරයි. එලෙස සනිටුහන් කරගන්නා යතුරු පැදිකරුගේ ලිපිනය සොයාගෙන එම නිවසට රවීනා යන්නේ ඔහුගෙන් අදහස් විමසීමටය.

ඇගේ උත්සාහය අසාර්ථකය. ඒ නිවසේ කිසිවෙකුත් නැත. එහෙත් අදිසි හස්තයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින වග රවීනා දන්නේ නැත. එදින හවස පොලීසිය රවීනා සොයා එන්නේ ඇය තව තවත් අන්දමන්ද කරවමිනි. නිලධාරීන් පවසන්නේ රවීනා හමුවීමට ගිය යතුරු පැදිකරු වන කපිල සිරිමාන්න ඝාතනය වී ඇති බවය. ඊට සැකපිට රවීනාව අත් අඩංගුවට ගනියි. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා දිගින් දිගටම කපිලගේ මරණයට වගකිව යුත්තා රවීනා බව දැඩිව පවසයි. ඇය පවසනා කිසිදු කතාවක් විශ්වාස කරන්නේ නැත. උප පොලිස් පරීක්ෂක රංග රවීනා කියන්නේ සත්‍යයක් බවට විශ්වාස කරයි. එහෙයින් ඇයට රංග උදවු කරයි. කපිලට ප්‍රථම සහස්පුර පාලම යූ අද්භූත සිදුවීම් තව බොහෝ තිබේ.

නළු නිළියෝ

හේමාල් රණසිංහ, චානු දිසානායක, තුමිදු දොඩන්තැන්න, බිමල් ජයකොඩි, ගම්‍යා විජයදාස, වීණා ජයකොඩි, දයාදේව එදිරිසිංහ, සංයුමි නිම්නාදි, සුරංගා රණවක, අතුල ජයසිංහ, ප්‍රියන්ත විජේසිංහ, නලීන් ලුසේනා, රුවන් මදනායක, නිශාන්ත ප්‍රියදර්ශන, සුනිල් ප්‍රේමරත්න, ප්‍රසන්න දැකුම්පිටිය, රන්දික ගුණතිලක.

Trailers & Videos

trailers
x

U Turn Movie | Official Trailer

thriller movie

x