Ula lenee (2019)

horror movies | 90 minute
Rating: /10

Movie Info

Movie Story

උලලේනි, චිත්‍රපටයේ කතා සාරාංශය

අධික වර්ෂාව ඇති සවසක බණ්ඩාරවෙල පාළු පෙදෙසක විසල් මන්දිරයක හුදෙකලාව හිඳිනා තරුණියකි. නිවසේ අන් කිසිවෙකු නැත. මේ අතර රූපවාහිනියේ විශේෂ පුවතක් ප්‍රචාරය කෙරේ. ඒ ස්ත්‍රීන් තනිව සිටිනා නිවෙස්වලට වැදී ඔවුන් මරාදමන මිනීමරුවෙකු ගැනයි. නොහඳුනන කිසිවෙකු නිවෙසට ඇතුළුකර නොගන්නා ලෙස පොලීසිය මහජනතාවට අවවාද කරයි.

මේ අතර අමුත්තෙකු පැමිණ නිවසට ඇතුළුවීමට උත්සහ කරන්නේ පිටත අධික වර්ෂාව පවතින බැවිනි. ඔහු කෙසේ හෝ උපක්‍රමශීලීව තරුණියගේ නිවසට ඇතුළුවීමට සමත් වේ. ක්‍රමයෙන් මේ උමතු මිනීමරුවා බවට තරුණියට සැකයක් ඇතිවෙයි.

ආරක්ෂාව පතා නිවසේ ඉදිරි දොරටුවෙන් පලායන තරුණිය දොර අසල සිටිනා තවත් ආගන්තුක තරුණයෙක්ව දකී. ඇය ඔහුගෙන් ආරක්ෂාව අයැද සිටී. එම තරුණයාද නිවසට ඇතුළුව දොරගුලු දමයි. තරුණයාද අද්භූත හැසිරීම් ඇත්තෙකි. කාලය ගෙවී යද්දී මිනීමරුවා පළමු තැනැත්තා නොව මෙම තරුණයා බැව් තරුණියට වැටහේ. ආගන්තුකයින් දෙදෙනාගේ හැසිරීම් නිසා තරුණියගේ සැකය වරින් වර දෙදෙනා වෙතටම එල්ලවේ.

නමුදු සැබෑ ඝාතකයා නිවස තුලම සිටිනා බව වටහා ගනිද්දී සැවොම මර උගුලක පැටලී සිටිති.
ඉන්පසු ඝාතකයා…… ?
ඝාතකයා මහ වැසි වසිනා මෙම උමතු රාත්‍රියේදී සිය මාරක මිනිස් දඩයම අරඹයි.

  

 

Trailers & Videos

x